සජබ මිගමු නගරාධිපති අපේක්ෂකයාට මිනිමරුම් චෝදනාවක් .. ?

0
452

මීගමුව කට්ටුව ප්‍රදේශයේ 2011 වසරේ ජුනි මස 10 වෙනි දින සිදුවු  මිනිමැරුම සම්බන්ධයෙන් මීගමුව මහනගරාසභාවේ දැන් සජබෙට සම්බන්ධව සිටින නාගරික මන්ත්‍රිවරයෙකුට වෙත චෝදනා එල්ලවි තිබේ.
මිය තැනැත්තාගේ  බිරිඳ සහ දරුවන් දෙදෙනා විසින් මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට කටඋත්තර ලබා දි තිබුණි

කට්ටුව ප්‍රදේශයේ 2011 ජුනි 10 වනදා රාත්‍රි 7 ට පමණ 10 දෙනෙකු සමග පැමිණ ඇතැයි කියන මේ නාගරික මන්ත්‍රිවරයා එම ස්ථානයේ වු නිවසකට පහරදි විදුරු කඩාබිද දමා අලාභහානි සිදුකර ඇත.



එම නිවසේ හිමිකරු එංගලන්තයේ පදිංචිව සිටින හෙයින් සිදුවන්නේ කුමක්දැයි විමසිම සදහා ඔහුගේ සොහොයුරෙකු පැමිණ ඇත.එම අවස්ථාවේ සිදුව ඇතැයි කියන බහින් බස්විම අතරේ ආදාල මන්ත්‍රිවරයා විසින් කඩුවකින් මිය ගිය පුද්ගලයාගේ දෙපාවලට පහර දිම හේතුවෙන් ප්‍රධාන ධමනි කැපි අධික රුධිර වහනයක් සිදුවුවද කඩිනමින් ඔහුව රෝහලට ගෙනයාමටද එහි සිටි මැරයන්ගෙන් ඉඩක් ලැබි තිබුනේ නැත

රෝහල් ආරංචි මාර්ග මාර්ග පවසා තිබුනේ මරණයට හේතුව අධික රුධිර වහනවිම නිසා බවය

නාගරික මන්ත්‍රිවරයා අතින් ඝාතනයට ලක්වු අජිත් ජුඩ් නැමැති දෙදරු පියා



මෙම මිනිමැරුමට සම්බන්ධ බවට චෝදනා එල්ල වි ඇති නාගරික මන්ත්‍රිවරයා එළඹෙන පළාත් පාලන මැතිවරණයේදි සජබෙ නාගරික අපෙක්ෂකයා විමට බොහෝදුරට ඉඩ ඇතැයිද සැලය.

මේ පිළිබදව දැනටමත් සජබ ප්‍රධානින් අතර ගැටළු රැසක් මතුව තිබේ.