සජිත්ගේ ඇමති මණ්ඩලයට තරුණයන් පමණයිලු !

0
84
twittersajitht
තමන් ජනාධිපති ධුරයට පත්වූ වහාම පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත දිනාගත හැකි පුද්ගලයකු නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන බව සජිත් ප්‍රේමදාස විසින් අද මුදල් ගෙවා නාලිකා කිපයකද විසුරුවා හරින ලද කථාවකින් කියැවේ තිබේ.
මේ අතර ඔහු එහිදි කියා ඇත්තේ  දූෂණ චෝදනා නොමැති, වෘත්තීයවේදීන්ගෙන් සමන්විත තරුණ අමාත්‍ය මණ්ඩලයක් ද පත් කරන බවයි.

 

එසේම කිසිදු දේශපාලනඥයකුට සිය දේශපාලන බලය යොදවාගෙන ව්‍යාපාර කිරීමට ඉඩ නොතබන බවත් පවසන ඒ මහතා තමන්ගේ ඥාතීන්ගෙන් රාජ්‍ය ආයතන පිරවීමට ද කිසිදු දේශපාලනඥයකුට ඉඩ නොතබන බවයි සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන කවයන් තුල මතුව ඇති කථාබහෙදි කියැවෙමින් ඇත්තේ සජිත් ප්‍රේමදාසට අපෙක්ෂක්ත්වය ගැනිමට මුල් ව කටයුතු කළ බොහෝ දෙනෙකුටද මේ අනුව කැබිනට් වරම් අහිමිව යනු ඇති බවය.
මන්ද ඔවුන් තවදුරටත් තරුණයන් නොවන නිසාවෙන් විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here