සජිත්ගේ කණ්ඩායම සහ රනිල්ගේ කණ්ඩායම ..

0
153

ෆේස්බුක් එකෙන් උපුටා ගත්තේ.
මේ සජිත්ගෙ කණ්ඩායම .
මේ වගේම රනිල්ගෙ කණ්ඩායමත් හදන්න පුළුවන් .
එතකොට තේරෙනවා මේ ‘සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ’
ප්‍රශ්නයක් මිස දේශපාන ප්‍රශ්නයක් නෙවෙයි කියලා .

😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

‘සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා.

විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා🪵
විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා.🙈

බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා📗
මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා.🌝

කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා🖊️
මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.🥲

ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා🏏
ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා.🤡

පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා.🙅
මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා.🫠

ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා.💁‍♂
ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා🚌🤡

මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා.🤪
නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා.🤹

ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.👬
කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා.🐯

දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා.🌞
භාරතගේ දුව හිරුණිකා ඉන්නවා.🤷‍♀

ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා.👀
සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා.🦹‍♀

සමබර නම් සමබර රට හදන ටීම් එක. 😂🙏💪’

අනුර සහ මාලිමාවටත් ඕන රට හදන්න.

ඉතිං උඹලා තුන් හතර දෙනා දවස් දෙක තුනක් කතා කරල මේ පුංචි රට හදපල්ලකෝ.

ඇයි මේ කලබලේ..?

බලය බං බලය…..