spot_img
spot_img
spot_img
Friday, January 24, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
Home News සජිත්ගේ ජයපතා රුවන් රණතුංග හංසයාට එක්වෙයි !

සජිත්ගේ ජයපතා රුවන් රණතුංග හංසයාට එක්වෙයි !

0
630

රුවන් රණතුංගසජිත්ගේ ජයපතා රුවන් රණතුංග මේ මිට සුළුවෙලාවකට පෙර හංසයාට එක්වු බව වාර්තා වේ. Image6Image7Image4ඒ මිනුවන්ගොඩ මේ මොහොතේ පැවැත්වෙමින් ඇති නව ප්‍රජාන්ත්‍රවාදි පෙරමුණේ රැස්විම අතරතුරේදිය.
අගමැති රනිල් වික්‍රමසිංහත් සමගින් රුවන් රණතුංග වේදිකාවට එක්ව තිබුණි.
රුවන් රණතුංග ශ්‍රී.ල.නි.ප. මිනුවන්ගොඩ හිටපු සංවිධායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වේ.
රුවන් රණතුංගගේ පැමිණිම පොහොට්ටුවේ ප්‍රබලයෙකු වන ප්‍රසන්න රණතුංගට එල්ල කළ දැවැන්ත අතුල්පහරකි.
මේ වන විට අර්ජන මෙන්ම රුවන්ද මිනුවන්ගොඩ වේදිකාවේ එකට සිටිම ගෝඨා විරෝධින් හට ප්‍රබල උද්යෝගයක් ඇති කිරිමට ඉවහල්ව තිබේ.
මේ අනුව ඉදිරි දිනකිපය තුල තවත් පෙරළි රැසක් සිදුවිම නියමිත අතර නොවැ 05 වෙනිදා හිටපු ජනපතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දැව්න්ත රැළිය තවත් හැරවුම් ලක්ෂයක් වනවා නොඅනුමාන යැයි අප අමතා කළ ශ්‍රිලනිප ජේෂ්ඨයෙකු කියා සිටියේය.

පනින මන්ත්‍රීලාගේ ලැයිස්තුවලින්  මහින්දගේ මේසය පිරෙයි !

මේ අතර theleader .lk වෙබ් අඩවිය සදහන් කර  තිබුනේ පනින මන්ත්‍රිලාගේ ලයිස්තුවලින් මහින්දගේ මේසය  පිරෙන බවය.
තවදුරටත් මෙසේද සදහන් වේ.
මේ මොහොතේ ගෝඨාබය රාජපක්ෂගේ සහය වෙනුවෙන් පෙනී සිටියද ඉදිරි සති දෙකක කාලය තුළ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දෙනු ඇතැයි සැකකෙරෙන මන්ත්‍රීවරුන් පිරිසකගේ නම් ලැයිස්තු කිහිපයක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙත ලැබී ඇතැයි වාර්තා වෙයි.පොදුජන පෙරමුණ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක්, පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පොදුජන පෙරමුණට සහය දෙන සුළු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ නම් එම ලැයිස්තු වල ඇති බවය.

ඔවුන් සම්බන්ධව අවධානයෙන් සිටින ලෙස මේ වන විට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තවත් මන්ත්‍රීවරුන් පිරිසකට භාරදී ඇති බවත් එම මන්ත්‍රී පිරිසේ කිහිපදෙනෙකුද පනීවි යැයි සැකකරන මන්ත්‍රී ලයිස්තුවේ නම් සඳහන් අය බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

එමෙන්ම දිස්ත්‍රික් නායකත්වය ලබා ගැනීම, නැගී එන නවක මන්ත්‍රීවරුන් අභියෝගයක් වීම වැළක්වීම, මන්ත්‍රීවරුන් සම්බන්ධව රාජපක්ෂ පවුලට සැක උපද්දවා ඔවුන් දේශපාලන වශයෙන් කොන්කර තැබීම ආදී පටු චේතනාවෙන් මන්ත්‍රීවරුන් එකිනෙකා සැකකටයුතු මන්ත්‍රීවරුන් කියමින් මෙසේ ලැයිස්තු ඉදිරිපත් කරන බවත් ඒ හේතුවෙන් පක්ෂය අභ්‍යන්තරයේ දැඩි කුලල්කා ගැනීමක් නිර්මාණය වී ඇති බවත් පොදුජන පෙරමුණ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මෙසේ කේලම් කියන තැනට මන්ත්‍රීවරුන් පත්වී සිටින්නේ රාජපක්ෂ පවුලේ උදවිය කේලම් අසා ඒ අනුව තීන්දු තීරණ ගන්නා නිසා බවත් මේ සම්බන්ධව  මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු බරපතළ කලකිරීමෙන් මේ වන විටත් මැතිවරණ ව්‍යාපාරයෙන් ඈත්වී සිටින බවත් වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here