සජිත්ගේ පිළට ගිය එජාප පළාත් පාලන නියෝජිතයන් 150 කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි !

0
271
සජිත් පිළට ගිය මිගමු එජාප නාගරික මන්ත්‍රිලා

රවිසමගි ජන බලවේගයට සහයෝගය දැක්වූ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන සභිකයන් එකසිය පනහකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (08 වැනිදා) තීරණය කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.

මෙම අයගේ පක්ෂ සාමාජිකත්වය ලබන 16 වැනිදා වන විට අත්හිටුවීමට තීරණය කළ බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවැසීය.

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන සභිකයන් වෙනුවට නවක සභිකයන් පත් කිරීමටද නියමිතය.

සමගි ජන බලවේගයට සහයෝගය දැක්වීම පිළිබඳව නිදහසට කරුණු විමසා මෙම සභිකයන් වෙත පක්ෂය විසින් ලිපි යොමු කරන තිබිණි. නමුත් ඔවුන් එම ලිපි මාධ්‍ය හමු පවත්වමින් ප්‍රසිද්ධියේ පුලුස්සා දමා තිබිණි.
මේ අතර මිගමුව මහනගර සභාවේ එජාප පළාත් පාලන නියෝජිතයන් පිරිසක්ද සජිත් පිළට එක්ව තිබුන අතර පසුගිය දිනවල පැවැති දේශපාලන හමුවලදි ඔවුන් මාධ්‍යයට වසන් වෙමින් සිටි බවද වාර්ථා වේ.
ඇතැම් අවස්ථාවලදි ඔවුන් මාධ්‍යවේදින්ගෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්ව විඩියෝ ගත නොකරන ලෙසය.
එපමණක් නොව සිය මන්ත්‍රිධුර අහෝසිවිමේ අවධානම දැනගත් මේ පිරිස පසුගිය දා එජාප මිගමු එජාප අපේක්ෂකයෙකු ප්‍රදිප් පිරිස් හමුවිමටද ගොස් තිබුණි.
කාවින්ද ජයවර්ධනට මිගමු එජාප ආසන සංවිධායකධුරය ලබාගැනිමට මුල්ව කටයුතු කරන ලද පිරිස අතර ප්‍රදිප් පිරිස් පෙරමුණ ගෙන කටයුතු කළ අයෙකු බවටද ප්‍රකටය.ම
සජිත් පිළ නියෝජනය කරමින් විපක්ෂ නායක ධුරය දරමින් සිටි රවි ජිවානන්ද නගාරික මන්ත්‍රිවරයා හට දැන් විපක්ෂ ධුරයද අහිමි ව ගොසිනි.ඉදිරියේදි මේ පිරිසකගේ නාගරික මන්ත්‍රිධුරද අහෝසිවි යැමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග දක්වා සිටි.

 

සජිත් පිළට ගිය මිගමු එජාප නාගරික මන්ත්‍රිලා

සජිත් පිළට ගිය මිගමු එජාප නාගරික මන්ත්‍රිලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here