ඒ සදහා තීන්දු ගැනිමේදි ඔවුන්ගේ පදනම් ප්‍රතිපත්තිය වි තිබුනේ සජිත් ජනපති රනිල් අගමැති යන්නයි.
මංගල සමරවීර ඇමැතිවරයාගේ කැදවිමක් හමුවේ මුලික සාකච්ජා වලට එක්වු මේ පිරිස ඒ හමුවිම්වල අවසන් එකඟතාවය ලෙසින් ඉහත ස්ථාවරයට පැමිණ තිබුණි.
හංස පෙරමුණේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස අද සිය විශේෂ ප්‍රකාශයක් තුලින් කියා තිබුනේ ඔහු ජනපති වු පසු අළුත් අගමැතිවරයෙකු පත්කරගන්නා බවය.
මේ පසුබිම තුල සිවිල් හා වෘත්තිය සමිති එකමුතුවේ ප්‍රතිචාරය කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති වුවද සජිත්ගේ මේ ප්‍රකාශයත් සමගින් සජිත්ට සිවිල් සමාජය උදව් කිරිමට තින්දුවකට තල්ලු කරන ලද මුලික පදනම දැන් අහෝසි වෙමින් තිබෙන පසුබිමක ඒ අයගේ ස්ථාවරය කුමක්දැයි ප්‍රසිද්ධ කරනු ඇත.