සජිත්ගේ විපක්ෂනායක සිහිනයත් හබක් !

0
93

sajithtහංස පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ විපක්ෂනායකධුරය පිළිබඳ සිහිනයත් මේ වන විට බොඳව යන ලකුණු පහල වෙමින් තිබේ.එයට හේතුව වන්නේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීන් 40ක් විසින් අත්සන් තබමින් කථානායක වෙත දැනටමත් ලබාදි ඇති ලිපිය කිසිදු නිත්‍යාණුකුල පදනමක් නොමැති විමය.එය සමාන වන්නේ මෙයට පෙර ඒකාබද්ධ විපක්ෂ විසින් මන්ත්‍රීන් 70කගේ අත්සන් සහිතව විපක්ෂ නායකධුරය සදහා මහින්ද රාජපක්ෂව පත්කරන ලෙස පසුගිය කාලයේ සිදුකරන ලද ඉල්ලිමට බව ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය සදහන් කර තිබේ.මේ අතර එජාප මහලේකම් අකිල විරාජ් විසින් දැනටමත් කථානායකතුමන් වෙත යොමුකොට ඇති ලිපියට අනුව එජාප නායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ වෙත විපක්ෂනායකධුරය හිමිවනු ඇත.