සජිත්ගේ හදවත විසිවෙයි ! පළල් සන්ධානය අලියා ලකුණින් මහ මැතිවරණයට !

0
114

Ranilඉදිරි මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට අද (10) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ  කෘත්‍යාධිකාරී මන්ඩල රැස්වීමේදී බහුතරයේ තීරණය වූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසා තිබේ.ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ‘සිරිකොත’ එජාප මූලස්ථානයේදී රැස්වුණේ   එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විමෙන් අනතුරුවය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ඊට සහභාගී වූ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළ පක්ෂ නියෝජිතයින් පිරිසක්ද රැස්වීම පැවැත්වෙන අතරතුර පක්ෂ මූලස්ථානය වෙත පැමිණ තිබුණි..
නව සන්ධානයක් සෑදීම සහ හි මහලේකම් ධූරයට රංජිත් මද්දුම බණ්ඩාර පත් කිරීම ගැටලුවක් ‌නොවන බව මෙහිදී ප්‍රකාශ ‌කොට ඇති එජාප නායක රනිල් වික්‍රමසිංහ, එසේ වුවත් අලියා ලකුණ එම සන්ධානයේ සලකුණ විය යුතු බව දැඩිව ප්‍රකාශ ‌කොට තිබුණි.

සියලු ‌දෙනාම එකග විය හැකි නව ලකුණක් !

පොදු ලකුණක අවශ්‍යතාවය ගැන එජාප නියෝජ්‍ය නායක, සජිත් ‌ප්‍රේමදාස දීර්ඝ කතාවක් කරමින් ‌පෙන්වා දී තිබුණද  එය එරෙහිව රනිල් පිළ ශක්තිමත්ව එක මතයක සිට අලියා ලකුණු පමණක් යන අදහස තහවුරු කොට තිබුණි.
ඊට විරෝධය පළකරමින්  රැස්වීම අතරමගදී ‌‌ප්‍රේමදාස ඇතුලු එම කණ්ඩායම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පිටව ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here