සජිත්ට බැරිවුණ දේ රනිල් කරයි ! ජය නියතයි ! පොහොට්ටුව පරල වෙයි !

0
150

ranil jaffnaසජිත් පාර්ශවය විසින් ජනපති අපෙක්ෂකයධුරය ඉල්ලා ගෙන ගිය සටන තුල පක්ෂයේ නායකයා ලෙසින් රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන්නට යෙදුන ප්‍රධානම කරුණ වුයේ සජිත් ජනපතිවණය ජය ගන්නා ආකාරය පෙන්වා දෙන ලෙසට කරන ලද යෝජනාවයි. මේ අතර විශේෂයෙන්ම උතුරේ සහ නැගෙහිර ජනයාගේ සහය ගන්නා ආකාරය ගැන වැඩපිළිවෙල කුමක්දැයි එදා රනිල් විමසා සිටියේය.
සැබැවින්ම එය එළඹෙන ජනපතිවරණයේ තිරාණාත්මක යතුරය. ඒ බව හොදින්ම දන්වා බැසිල් රාජපක්ෂ පවා ඉන්දිය මාධ්‍ය වෙත කියා තිබුනේ උතුරු නැගෙනහිර ඡන්ද ඉතාමත් තිරණාත්මක බවය.
එහෙත් පසුගිය කාලය තුල උතුරේ මෙන්ම නැගෙහිරද යථාර්ථය වි තිබුනේ දැවැන්ත ගෝඨා විරෝධයක් තිබුණද ඒ විරෝධය ඡන්ද පොලට ගෙන ඒම සමබන්ධයෙන් හංස පෙරමුණට කිසිදු ක්‍රියාකාරි වැඩපිළිවෙලක් නොතිබිමය.
මේ පසුබිම තුල උතුරු නැගෙනහිර දමිල දේශපාලන පක්ෂය පවා සිටියේ එළඹෙන ජනපතිවරණය ගැන එතරම් උනන්දුවකින් නොවේ.
ජනයාද එසේමය.
ජනපතිවරණයටත් වඩා සජිත් යනු ඒ ජනයාට බොහෝ ඈත සාධයක් වි තිබුනේ පසුගිය කාලය තුල සජිත් ප්‍රේමදාව විසින් උතුරේ හෝ නැගෙනහිර ජනයාගේ ප්‍රශ්ණවලය මැදිහත්විම පිළිබදව කිසිදු පසුබිමක් නොතිබිමද තුලය.
ඒ නිසාම සැබැවින්ම සජිත්ට මෙන්ම හංස පෙරමුණට බැරි වු ඒ අභියෝගය ජයගන්නට දැන් අගමැතිවරයා පෙරට පැමිණ තිබේ.
ඒ පැමිණිමත් සමගින්ම දමිල ජාතික සන්ධානයේ ප්‍රධානතම පක්ෂය අද වන විට ගෝඨා පරාජය කිරිම සදහා දැවැන්ත තින්දුවක් ගෙන තිබේ.
මෙයට සමගාමිව ඉදිරි දිනවලදි ගෝඨා විරෝධි ප්‍රජාතන්ත්‍රවාදයට නිදහසට ගරුකරන උතුරේත් නැගෙහිරත් විවිධ සිවිල් බලවේග සිය මැදිහත්විම ගෝඨාගේ පරාජය සනිටුහන් කරන  ඒ ථෙතිහාසික වගකිමට උරදෙනු ඇත.
ඇගෙන් නොව මොළෙන් දේශපාලනය කරන්නේ කෙසේ දැයි රනිල් විසින් යළිත් වරක් දකුණේ දේශපාලකයන්ට පාඩමක් කියා දි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here