සජිත් පිළේ මීගමු ගැටුම ඇරඹේ ? දිනන අප්පච්චි මළාට එරෙහිව පරදින කාවින්ද යුද්ධය ප්‍රකාශ කරයි !

0
68

සොයිසාමැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා ඇති දින ගණන 6 කට දැන් සිමා වි තිබේ.දේශපාලනය ගැන හය හතර දන්නා බොහෝ දෙනා මේ වන විට තමන්ගේ  තැන ගැන පැහැදිලි අදහසක් ලබාගෙන තිබේ.
පරාජයට බිය වි සිටින්නේ කව්දැයි මේ දිනවල තේරුම් ගැනිම පහසු වි ඇත්තේ දිනන අයට එරෙහිව විවිධ චණ්ඩි කථා කියවන්නේ කව්දැයි විමසා බැලිමෙනි.
මේ අනුව සමඟි බලවේගයේ කාවින්ද ජයවර්ධනගේ පරාජය දැනටමත් ලකුණු වි හමාරය.
මේ නිසාම ඉතිහාසය පුරා චණ්ඩි කතා හෝ ලංස පවුලට එරෙහිව චණ්ඩි අභියෝග නොකල කාවින්ද දැන් මයික් කටවල් ඉදිරියේ චණ්ඩියාට රඟන්නට පටන් ගෙනය.
එපමණක් නොව තමන්ගේ පරාජයත් තවත් අයගේ ජයග්‍රහණයත් ගැන කිපුණු කාවින්ද මෙන්ම කාවින්දගේ ගෝලයන්ද විවිධ අවලාද අනෙක් අයට කරන්නට පටන් ගෙනය.
මිගමුවේ දන්න කියන අයත් සමගින් පමණක් පොඩි රැස්විම් තබමින් ගම්පහ දි්ස්ත්‍රික්කය ජයගත නොහැකි බව දන්නා කාවින්ද පසුගිය දිනවල අප්පචි මළාට එරෙහිව තමන්ගේ ගෝලබාලයන් ලවා සමාජ මාධ්‍ය තුල ප්‍රහාර එල්ල කරන්නට පටන් ගෙන තිබුණි.
කෙසේ වෙතත් මිගමුවේ මෙන්ම වෙනත් කිසිදු ආසනයක ඡන්ද පදනමක් නැති කාවින්ද ජයවර්ධනගේ පාර්ලිමේන්තු සිහිනය මෙවර බොදවිම දැනටමත් අනිවාර්යක්ව පවති.
අවස්ථාවාදය දේශපාලනය කරගත් කිසිවෙකුටත් මේ පොළව තුල ජයක් හිමි නැත.
අප කලින්ම සදහන් කළ පරිද ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ ආකාර්ශණය දැනටමත් වැඩියෙන් හිමිකරගෙන ඇති හර්ෂණ රාජකරුණා මෙවරද පාර්ලිමේන්තු වරම් හිමිකරගනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here