සජිත් සමග ගිය 80 ට මොකද වෙන්නේ ? එජාපය පාර්ලිමේන්තු මහලේකම්ට දැනුම් දිමට යයි ?

0
83

UNPපැවැති පාර්ලිමේන්තුව යළි රැස් කිරීමට සිදු වුවහොත් සමගි ජන බලවේගය සමග එකතු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූදෙනකු සිය පක්ෂයේ සාමාජිකයන් නොවන බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වන බවට එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරන බව අරුණ වෙබ් අඩවිය පවසා තිබේ. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත.එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය සහිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූදෙනෙක් මේ වන විට සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණයට නාම යෝජනා ලබා දී ඇත.
එම හිටපු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ සාමාජිකයන් ලෙස එක්සත් ජාතික පක්ෂය සලකන බවද මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

අරුණ වෙබ් අඩවිය තවදුරටත් සිය පුවතේ සදහන් කර සිටින්නේ යළි පාර්ලිමේන්තුව රැස් කළහොත් මෙම දැනුම්දීම පාර්ලිමේන්තු මහලේකම්වරයාට සිදු කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවද එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරන බවය.