ස’ට ශාපයක් වී ඇති පස් දෙනෙක් ! (වීඩියෝ)

0
89

ස’ට ශාපයක් වී ඇති පස් දෙනෙකු සිටින බව විපක්ෂ පාලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඊයේ (06) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.   එසේ ජනාධිපතිවරයාට සාපයක් වී ඇත්තේ, ප්‍රධාන පෞද්ගලික මාධ්‍ය ආයතනයක් හිමි ඇන්ටිජන් මෑන් නමින් හඳුන්වන පුද්ගලයා, උදයංග වීරතුංග, නිශ්ශංක සේනාධිපති, පැණි ධම්මික හා අනුරාධපුරයේ එක්කෙනෙක් බව එහිදී පැවසු මන්ත්‍රීවරයා, ”ආණ්ඩුව හදන්න ඡන්දෙ දීපු 69 ලක්ෂයක් ෆේල් වලා තියෙන්නෙ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ පස් දෙනා නිසා බව” අවධාරණය කර සිටියේය.   ”ජනාධිපති අපේක්ෂකයා ප්‍රමෝට් කළේත්, ධම්මික පැණිය ප්‍රමෝට් කරපු හාදයාමයි.” යයි ද ඔහු සඳහන් කළේය.    වත්මන් රජය බලයට පැමිණියේ එක රටක් එක නීතියක් කියා පොල්ගෙඩි අකුරෙන් ගසා උවත් දැන් රටේ නීති පද්ධති 5ක් ක්‍රියාත්මක බවත්, ඒවා නම් 1) රාජපක්ෂ නීතිය,  2) ගජ මිතුරු නීතිය,  3) කොවිඩ් නීතිය, 4) දුප්පතුන්ගෙ නීතිය, 5) යුක්‍රේන් නීතිය වන බවත් ඔහු සඳහන් කළේය.   මෙහෙම ගියොත් ෆේල් වෙන්නෙ වෙන කවුරුවත් නොව රට බව අවධාරණය කර සිටි මන්ත්‍රීවරයා, දැන්වත් රට නිවැරදි දිශාවට ගමන් කරවිය යුතු බව අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටියේය.  


The Leader TV පුවත් විකාශය (ජනවාරි 06)රට විරුවන් ජනපතිට ශාප කරයි ශාපෙන් බේරෙන්න නාමල්ගෙන් ප්‍රකාශයක්!