සත්වැනි වරට වේදිකාගතවූ ” මා ලක්කාරී “

0
163

මීගමුව පුරයෙන් බිහිවූ සම්මානලාභී රංගධරයකු මෙන්ම නාට්‍ය නිර්මාපකයකු වන රිචඩ් මානමුදලී කලාකරුවානන් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කළ  “” මා ලක්කාරි “”වේදිකා නාට්‍ය, කටාන,ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් පසුගිය 08 වැනි (2024/09/08) ඉරු දින සවස, මීගමුව නගර ශාලාවේදී වේදිකා ගත විය.
කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත, කටාන, ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලය සඳහා වන සුභසාධක අරමුදලක් සකසා ගැනීම වෙනුවෙන් මෙම වේදිකා නාට්‍යය රඟ දැක්වීය.

ජනහිතකාමී නොවන ලෙසින් රට පාලනය කළ රජ කෙනෙකු වටා සහ ඔහුගේ රාජ්‍ය පාලනය පිළිබඳව වු කතා වස්තුවක් පෙරදැරි කර ගනිමින් මෙම වේදිකා නාට්‍යය නිර්මාණය වී තිබේ . එලෙසම මෙම වේදිකා නාට්‍යය තුළින් අප රට පාලනය කළ පාලක පැලැන්තිය පිළිබඳවද උපහාසාත්මකව යම් විවේචනාත්මක විවරනයක් ඉදිරිපත් කර තිබෙන අතර අප රටේ රාජ්‍ය පාලනයේ තවත් එක් අද්‍රරු පැතිකඩක් ද මෙම වේදිකා නාට්‍ය තුළින් නිරූපණය කර ඇත.

රිචඩ් මානමුදලි කලාකරුවා මෙහි අනබෙරකරුගේ චරිතයට පණ පොවයි. එලෙසම රිචඩ් මානමුදලි කලාකරුවාණන්ගේ රංඟපාන ඇකඩමියේ  නාට්‍ය හා රංග කලාව පිළිබඳව පුහුණුව ලැබූ දක්ෂ නළු නිළි පිරිසක් මෙම වේදිකා නාට්‍යයේ සෙසු චරිත නිරූපණය කළහ.
” මා ලක්කාරි ” වේදිකා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කර ඇත්තේ අමිල රසාංග විසිනි.
පසුගිය මැයි මාසයේදී මැණික්හින්න ප්‍රදේශයේ දී මෙම වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය වේදිකාගත කළ අතර මීගමුව පුරවරයේදී මෙම නාට්‍ය වේදිකාගත කළ ප්‍රථම වතාවද  මෙය වේ.