සත්‍යාගාරය………..

0
69

upul santhaවැඩසටහන ඉතා හොද සංකල්පයකි. ඉතා හොදින් කරගෙන යනවාද පෙනෙයි. ඊයේ රාත්‍රීෙය් රටේ අග්‍රාමාත්‍යවරයා දශක තුනකට පසු ස්වාධීන රූපවාහිනියට ගොඩනැගුනේ හොද සාකච්ඡාවක් සදහාය.

අපේ ආදරණීය සිංහල ගුරුතුමා නොහොත් සන්නා ඊයේ ජැක්සන් ඇන්තනීට ඇන්දේය.එසේ නොවූවානම් රනිල් වික්‍රමසිංහ කියන ලංකා ඉතිහාසයේ සිටින අවසාන විදග්ධ, ප්‍රවීණ, උගත් සහ විශිෂ්ට දේශපාලඥයාගෙන් මීට වඩා බොහෝ දේ අසාගත හැකිව තිබුණි.

ඔහුගේ විශිෂ්ට වාග් විලාසය අවාසනාවකට ප්‍රකට වන්නේ ඉංග්‍රීසි භාෂාව හරහා පමණි. ඔහුගේ බුදුදහම හා දර්ශනය සම්බන්ධ දැනුම් ලංකාවේ සිටින ඉහළම පණ්ඩිත යතිවරයෙකු හා ඉක්මවා යන බව ඔහු ලියූ කෘති කියැවූ මට පසක් වුණි.

ලංකාවේ පී.ආර් එක අඩුම දේශපාලනඥයා රනිල් ය. ඔහු දැන් වෙනදාට වඩා මුඛරිව තියුණු වාග් ප්‍රහාර සිංහලෙන් එල්ල කරනු දැකීම පුදුමයට කරුණක් විය. මහින්දගේ බත්බැලයන් ඔහුගේ පාලනය යටතේ පාපිස්සට ඇද දැමුවා යැයි කී විට මතක් වුණේ රනිල් ගේ මාමණ්ඩිය ජේ.ආර් ය!

ඊයේ රනිල්ව හුරතල් කිරීම මා අනුමත කරන්නේ නැත.. ඔහුව කුළුගන්වා මීට වඩා දේ අසාගත හැකිව තිබුණි.. ඔහුගෙන් හංගාගෙන, ඔහුට කියන්නට බැරිව සිටින ඒවා ඇදගන්නට සන්නස්ගල අසමත් වුණි.. ආසියාවේ සිටින අවසාන දේශපාලනඥයාගෙන් පරණ චිත්‍රපට නලුවන්ගෙන් අසන ප්‍රශ්න ඇසීම මා හෙළා දකිනවා…

ආසම කෑම, කැමතිම චිත්‍රපටය, හොදම පොත ගැන අහනවාට වඩා ඔහුගෙන් දේශපාලනය ගැන මිනිස්සුන්ට කියාදීමට බොහෝ දේ අසන්නට ඉතිරිව තිබුණි…