( 7.00 pm ) මාලිමා රජය බලයට පත්වෙලා මාස 6 කුත් ගෙවිලා ගිහින්. ඒ්ත් මිගමුවට නම් දැනෙන්න වෙච්ච වෙනසක් නැති තරම් . මේ වෙන කොට මිගමුවට ඇත්තටම මොනවද වෙලා තියෙන්නේ කියල සමාන්ය මිනිස්සු අහන ප්රශ්ණයම දැන් මාලිමාවේ ඇතුලෙම ඉන්න අයත් අහන්න පටන් අරන්.
ඇත්ත.මිනිස්සු බලාපොරොත්තු තියන් හිටියට , මාලිමා නායකයෝත් ලොකු ටොක් ඉෂු කරාට රවුම් ගියාට, නිරික්ෂණ චාරිකා දැම්මට. සමහර මාලිමා අපෙක්ෂකයෝ ෆේස් බුක් ඒකේ බොරු ලියල තිබුනට කියන්න ලැජ්ජයි බිච් පාක් ඒකේ හෙට උදේටත් රථ ගාලේ ටිකට් කඩන්නේ නිමල් ලංසයි දායන් ලංසයි ඒකතු වෙලා අටුවපු කොම්පැණියේ කට්ටිය.
මිගමුවේ මිනිස්සු ලංසාලව දේශපාලනයෙන් අතුගාලා දාල බලාපොරොත්තු වෙච්ච වෙනස මේකද ?
පහුගිය සම්බන්ධිකරණ කමිටු රැස්විමෙන් පස්සේ කොමසාරිස් නෝන කිව්වේ සතියෙන් අපි බිච් පාක් ඒක ගන්නව කියල.
ඇත්තටම එයා ගැනත් පව් කියල හිතෙනව. ඒයා ට්ර්ර්රයි ඒකක් දුන්නා . නමුත් මිගමුවට අතදාල තියෙන දේශපාලන අධිකාරියේ අයට මේ ප්රශ්ණවල හැබෑම දිග පළල දන්නේ නැති නිසා විසිල් විතරමයි බල්ටි වදින්නෙම නැති ගානට වැඩ සිද්ද වෙලා . වෙන මොනවත් නෙමේ අඩුම තරමේ බිච් ඒකේ රථ ගාලේ ටිකට් කඩන්න පටන් ගන්න තාම බැරිවුනා කියන්නේ නම් පට්ටම ෆේල් .
සම්බන්ධිකරණ කමිටු රැස්විම අවසන් වුන දවසෙම මිගමුවේ මාලිමාවේ පෝරුතොට පැත්තේ අපෙක්ෂකයෙකුගේ ෆේස් බුක් එකේ දාල තිබුනෙ අපි බිච් පාක් ඒක ගත්ත කියල . මොන පචද ? අනික ඒ වගේ අපෙක්ෂකයෝ මිගමුව ගැන දන්නෙ මොනවද බිච් පාක් සටනේ ඒයාල කොහෙද හිටියේ .
ලංසලට ගේම ඉල්ල මිගමුවේ වංචා දුෂණ වෙනුවෙන් එයාල මොනවද කරල තියෙන්නේ .දැන් නම් මිගමුවට වෙමින් තියෙන තත්වය ඛේදවාචකයක් . වැඩි බැරි ටාසන්ල කිප දෙනෙක් හින්ද මාලිමාව බලයට ගේන්න ඡන්දෙ දුන්න අයට අති බහුතරයක්ළ දැන් කළකිරිමකින් ඉන්නේ .මිගමුව අලුතින් ගොඩ නගන්න නම් මිගමුවට ආදරය කරන මිගමුව ගැන හොදට දන්න අය වගකිම් භාර ගන්න ඔ්නා. එහෙම නැතිවුනොත් නම් වැඩේ දෙල් තමයි ඉතින් …
නෙල්සන් ප්රනාන්දු