සතොස අද ( 03) සිට විවෘතයි …..

0
103

සියලුම සතොස අළෙවිසල් අද (03) සිට අඛණ්ඩව විවෘත තැබීමට තීරණය කළේ යැයි සතොස සභාපති, රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල මහතාගේ උපදෙස් පරිදි සතොස විවෘත කරමින් ජනතාවට සහන සැළසීමට තීරණය කළ බවත් තොග සහ සිල්ලර ලෙස භාණ්ඩ අළෙවිය කරන බවත් ආනන්ද පීරිස් මහතා කියයි.

බලපත්‍රලාභී ග්‍රාමීය කඩවලට සීමිත තොග ද, අළෙවිසල්වලට පැමිණිය හැකි පාරිභෝගිකයන්ට සිල්ලර අළෙවි කරන බවත් රුපියල් දහසේ මලු ඕනෑම කෙනෙකුට ලබාගත හැකි බවත් සභාපතිවරයා කීය.

සභාපතිවරයා පැවසුවේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය දේශපාලඥායන්ට ජනතාවට බෙදාදීමට අවශ්‍ය රුපියල් දහසේ මලු ලබාදීමට ද සතොස සේවකයන් සූදානමින් සිටින බවත්ය.