සනත් නිශාන්තගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි .

0
19

ඊයේ (04) රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණයක් අනුව එක්සත් ජනතා නිදහස් සන්ධාන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබද පසුගිය කාලය තුළ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරි පත් වූ කරුණු සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවය.

මීට අමතරව විනය විරෝධීව හැසුරුණු සෙසු නිදහස් පක්ෂ සාමාජිකයින් සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කර තීරණයක් ගැනීම සඳහා විනය කමිටුවට පැවැරූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සනත් නිශාන්ත මහතා පොලිස් මාර්ග භාදකයකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට එල්ල කළ දැඩි බාධාකිරීම නිසා එම නිලධාරීන් එම ස්ථානයේ රාජකාරියෙන් ඉවත් වී සිටි අතර අදාළ මන්ත්‍රීවරයා මෙතෙක් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නැත.

sanath nisahnatha

 

www.lankatruth.com ඇසුරිණි.