සන්ධ්‍ය රාජපක්ෂගේ පුතා රැළියේදී යහපාලනයට කෝචෝක් දමයි

0
120

පසුගියදා වෙන්නප්පුවේදී පැවති ජෝශප්වාස් විද්‍යාලීය ආදී සිසුන්ගේ   රැළිය තරුණයින් ගේ විවිධාකාර සැරසිලි වලින් වර්ණවත් වී තිබුණි.  ඒ අතර විවිධ  හාස්‍ය සහිත වැකි ද ලියවුණ පුවරු දිස්විය. මේ අතර තරුණයන් කීපදෙනෙකු විසින් ද‍ේශපාලන අදහස් ඇති සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරන ලදි.  මෙම රැළියේ අරමුණ වී තිබුණේ ශාන්ත ජෝශප්වාස් මහ විද්‍යාාලයට් අයත් ඉදිවෙමින් පවතින ගෘහස්ත ක්‍රීඩාංගනයේ  ඉතිරි වැඩ අවසන්කු කර ගැනීම සඳහා අරමුදල් රැස්කිරීමයි. මෙයට කිසිසේත් සම්බන්ධ නොමැති ලෙස පුවරු රැගත් තරුණයින් කීපදෙනෙකු පෙළපාලියේ ගමන්ගත් අතර සංවිධායකයින් විසින් ඔවුන්ට සිය විරෝධය ද පළකර තිබුණි.  මේ ආකාරයට  යහපාලනයට ජෝක් කරමින් පුවරු රැගෙන ගමන් කර ඇත්තේ වයඹ පළාත් සභා අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා සහ ඔහුගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකු බව වාර්තා වූ  අතර මේ සම්බන්ධයෙන් බොහෝ ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ද  ප්‍රදර්ශනය විය.

ජසින්තා නිර්මලී