මීපුර වෙබ් අඩවිය විසින් පලකළ ‘ සන්ධ්‍යා රාජපක්ෂට ගෙයක් ” යන ප්‍රවෘත්තිය පිළිබදව වයඹ පළාත් සභා අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා විසින් අද (04) වනදා පෙරවරුවේදී මීපුරට කතාකර ඔහුගේ විරෝධය පළකරමින් පවසා සිටියේ එය නිවරදි විය යුතු බවයි.
මෙම ප්‍රවෘත්තියේ සදහන් වන පරිදි වෙන්නප්පුවෙන් මිළදී ගෙන ඇති නිවස කෝටි දෙකහමාරක් නොවන බවත් එය මිළදී ගත්තේ ලක්ෂ 130ට බවත් අමාත්‍යවරයා පවසා සිටියි.
එමෙන්ම ඒ සදහා වෙන්නප්පුව කොමර්ෂල් බැංකුවෙන් ලක්ෂ 110ක ණයක් ගත් බවත් ඒ සදහා ඇපයට එම නිවස තැබූ බවද ඔහු සදහන් කර සිටි.
ඒමෙන්ම මේ බැංකු ණය සදහා ණය වාරිකය රු 200800 ක් වන බවත් එම නිවසම ඇපය සදහා තැබූ බවත් , මෙම ණය ගෙවීමට ඔහු හට පොල් අක්කර 35ක් ආදායමක් තිබෙන බවත් සන්ධ්‍ය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
කෙසේ වෙතත් අපගේ ආරංචි මාර්ග තහවුරුකර සිටින්නේ මෙම නිවස ලක්ෂ 220 කට මිළදි ගෙන ඇති බවය.
දේශපාලනයට පැමිණෙන්නට කලින් රාජපක්ෂ මහතා වෘත්තියෙන් ගුරුවරයෙකුව සිටියේය.