බස්නාහිර පළාතට එළඹෙන සදුදා (9වැනිදා) අනිවාර්යයෙන්ම ඇදිරි නීතිය ඉවත් කරන බවට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
සදුදා දින බස්නාහිර පළාතට ඇදිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කරනවාද යන්න මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ඇදිරි නීතිය ඉවත් කළ ද සෑම කෙනෙකුම ඉතාමත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව තෙන්නකෝන් මහතා සදහන් කර තිබේ
මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටින්නේ බස්නාහිර පළාතට සහ තවත් පොලිස් බල ප්‍රදේශය කිහිපයකට පනවා ඇති ඇදිරි නීතිය සදුදා දිනයේ ඉවත් විය හැකි නමුත් කොරෝනා වසංගත රෝගය පැතිරීම පාලනය කිරීමක් සිදුවී නැති බවය.
එබැවින් ජනතාව තවදුරටත් ආරක්ෂිතව කටයුතු කිරීමක් අවශ්‍ය යැයිද ඔහු අවධාරණය කර සිටි.