සඳුදා අනිවාර්යෙන්ම ඇඳිරි නීතිය ඉවත් කරනවා !

0
327

deshabanduබස්නාහිර පළාතට එළඹෙන සදුදා (9වැනිදා) අනිවාර්යයෙන්ම ඇදිරි නීතිය ඉවත් කරන බවට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
සදුදා දින බස්නාහිර පළාතට ඇදිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කරනවාද යන්න මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ඇදිරි නීතිය ඉවත් කළ ද සෑම කෙනෙකුම ඉතාමත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව තෙන්නකෝන් මහතා සදහන් කර තිබේ
මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටින්නේ බස්නාහිර පළාතට සහ තවත් පොලිස් බල ප්‍රදේශය කිහිපයකට පනවා ඇති ඇදිරි නීතිය සදුදා දිනයේ ඉවත් විය හැකි නමුත් කොරෝනා වසංගත රෝගය පැතිරීම පාලනය කිරීමක් සිදුවී නැති බවය.
එබැවින්  ජනතාව තවදුරටත් ආරක්ෂිතව කටයුතු කිරීමක් අවශ්‍ය යැයිද ඔහු අවධාරණය කර සිටි.

ඔහු එම කාරණය අවධාරණය කර සිටියේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ඇඳිරි නීතිය ඉවත් කරන්නේ ජනතාව දිගින් දිගට ම පීඩාවට පත් කිරීමට නොහැකි හැකි නිසා මිස රෝග අවදානම ඉවත් වීම නිසා නොවන බව පැවසු ඔහු, එලෙස සංචාරණ සීමා අවම කර සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කිරීමට අනිවාර්යෙන් හුරු විය යුතු බව ක්‍රියා සිටියේය.
මේ වන විට කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වැඩිම අවදානම ඇත්තේ බස්නාහිර පලාතට බවත් කී වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානීයා, කොළඹ මහ නගර සභාවේ සීමාවේ රෝගීන් වැඩි වශයෙන් හමුවන බවද සඳහන් කළේය.