එමෙන්ම දැනට පවතින නිතිය අනුව වෙනත් පක්ෂයකට සහය දක්වන අයෙකුව පක්ෂයෙන් ඉවත්කිරිම කඩිනමින් කළ හැකි ප්‍රතිපාදන දැන් එහි අන්තර්ගතය.
මිගමුව විපක්ෂනායක රවි ජිවානන්ද පසුගියදා සමගි ජනබලවේගයේ මිගමුව පාර්ලිමේන්තු මැතිවරණ අපෙක්ෂකයා හා එක්ව ජනතාවට බඩු බෙදිමේ මැතිවරණ ප්රචාරක වැඩක නිරතව සිටින අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ පසුගියදා ප්‍රසිද්ධියට පත්ව තිබුණි.
මේ පසුබිම යටතේ සමගි ජනබලවේගයට සහය දක්වන එජාප නාගරික මන්ත්‍රිලාගේ දේශපාලන ඉරණම ඉතා ඉක්මනින් තීන්දුව විමට නියමිතව තිබේ.
මේ අතර රවි ජිවානන්දට මෙන්ම කාවින්ද ජයවර්ධනටද එල්ලවි ඇති පොදු චෝදනාව වනුයේ මේ දෙදෙනාටම නිමල් ලංසා හා ඇති සමිප මිතුරුභාවයයි.
මේවාද අනාගත දේශපාලන ඉරණම් වලට දැඩිලෙස බලපාන්නට ඉඩ තිබේ.
ඉදිරියේදි ඉවත් කිරිමට නියමිත පළාත් පාලන නියෝජිතයන්ගේ පුරප්පාඩුව පිරවිමට එම ලයිස්තුවේ ඊළගට පත්විමට නියමිතව ඇති අය අතුරෙන් සිදුකෙරෙන බවද පසුගියදා එජාප මහලේකම්වරයා විසින් ප්‍රකාශ කර තිබුණි.