‘සමගි බලවේගය’ ගාල්ලේ දී උද්ඝෝෂණයක

0
169

2013-09-05 16.49.17-1
සමගි බලවේගය විසින් සංවිධානය කරන ලද තවත් උද්ඝෝෂණයක් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන්  අද ගාල්ලේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ජනතාව විශාල පිරිසක් සහභාගී සිටි අතර සමගි බලවේගය  නියෝජනය කරන දේශපාලන පක්ෂ, හා නායකයන් ද සහභාගී වූහ. නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න,  එජාපයේ මාධ්‍ය ලේකම් ගයන්ත කරුණාතිලක, මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර සහ  නිදහසේ වේදිකාවේ  බ්‍රිට්‍රෝ ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී ව සිටියහ.
. මෙම උද්ෙඝා්ෂණ සංවිධානය කිරිමට මුලිකත්වය ගෙන තිබුණ එජාප හිටුප අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙම උද්ඝෝෂණයේදි අදහස් දක්වමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය යනු කිසිවිටකින් වත් ජාතිවාදි පක්ෂයක් නොවන බවයි.එය සියළු ජාතින් එක්සත් කරන පක්ෂයක් බවද අවධාරණය කර සිටියේය.