සමන්තට ,නාමල්ට ඇප ! මහින්ද අත්අඩංගුවට..

0
185

බණ්ඩාරවෙල, බොරලන්ද ප්‍රදේශයේදී පසුගිය 01 වෙනිදා පැවති ගොවි උද්ඝෝෂණයට නායකත්වය දීම සම්බන්ධයෙන් බෝගහකුඹුර පොලීසිය මගින් අත්අඩංගුවට ගත් ගල්ඒදණ්ඩ විජිතාරාම විහාරස්ථානයේ වැඩවාසය කරන, ජාතික භික්ෂු පෙරමුණේ විභායක සභික වීරකැටියේ අනුරුද්ධ හිමි, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ඇතුළු පස්දෙනා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.

එම පිරිසට අද (07) පෙරවරුවේ බෝගහකුඹුර පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස දන්වා තිබූ අතර ඒ අනුව ඔවුන් අද පෙරවරුවේ පොලිස්ථානය වෙත ගිය අතර එහිදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඒ ජන ජීවිත අනතුරේ හෙළමින් මුතුරාජවෙල තෙත් බිම් වැනසීමට එරෙහිව අද (07) පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගීවීම හේතුවෙනි.

එම විරෝධතාවය අද මධ්‍යාන 12.00ට බෝපිටිය මංසන්ධියේදී පැවැත්වීමට සූදානම් කර තිබී ඇත. එම විරෝධතාවය ආරම්භ කර තිබියදී පොලිසිය විසින් එම උද්ඝෝෂණය තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත. ඒ අනුව පිරිස විරෝධතාව නතර කර විසිර යමින් සිටියදී මෙලෙස මහින්ද ජයසිංහ මහතා පොලිසිය විසින් පමුනුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා-ඇල පොලිසියෙන් වන අතර මේ වනවිට ඔහුද බෝපිටිය පොලිසිය වෙත ඉදිරිපත් කර තිබේ.

ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
lankatruth .com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here