සමන් වගආරච්චි ලේක්හවුස්හි කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධූරයට

0
212

Saman wagaමාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු හා ලක්බිම දිනපතා පුවත්පතේ හිටපු කර්තෘ සමන් වගාරච්චි මහතා ලේක්හවුස්හි කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙස අද (24) වැඩ බාරගත්තේය.

ඒ මහතා මේ අවස්ථාවට මාධ්‍ය නිදහස සඳහා සටන් වැදින මාධ්‍ය සංවිධාන ප්‍රධානීන්ට ආරාධනා කර තිබීම විශේෂිතය.ඔහු සිය ධූරයේ වැඩ බාරගමින් කියා සිටියේ, මාධ්‍ය නිදහස වෙනුවෙන් පිටදී පෙනී සිටි අයුරින්ම ලේකහවුසිය තුළද පෙනී සිටින බවයි.එසේම ලේක්හවුස් ආයතනය තුළ වෙනම මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීමටද තමා ඇප කැපවන බවයි.වගාරච්චි මහතා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භකයෙක්ද වේ.