සමලිංගික කේක් ගෙඩියක් නිසා බේකරි හිමියා උසාවියට ?

0
98

උතුරු අයර්ලන්ත බේකරි හිමියෙකු ඉදිරිපත් කරන ලද අභියාචනයකට එරට අධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් මේ වන විට විවාදයට බදුන් වී ඇතැයි වාර්ථා වෙනවා.මේ සදහා හේ තු වී ඇත්තේ බේකරි හිමියා විසින් “සමලිංගික” (Gay) යන වචනය යොදා ගනිමින් කේක් ගෙඩියක් සෑදීමට ලැබුණ ඇනවුම ප්‍රතික්ෂේප කිරීමයි.

මෙහිදී විනිසුරුවන් විසින් ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ පෞද්ගලික ආගමීක විශ්වාස පදනම් කරගනිමින් එක්තරා පිරිසකට පමණක් තම සේවාව සැපයීම නීතියට පටහැනි බවයි.මීට වසඑ දෙකකට පමණ පෙර තමන් වෙත ලැබුණ ඇනවුමකට අනුව සමලිංගික විවාහ සදහා සහය දක්වමු යන පාඨය සහිත කේක් නිර්මාණයක් කිරීම මෙම බේකරිකරු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව අධිකරණයේදී බේකරිහිමියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පවසා ඇත්තේ මෙම කේක් ඇනවුම තමන්ගේ සේවාදායකයාගේ ආගමීක විශ්වාසයන්ට පටහැනි බවයි. තවත් කෙනෙකුගේ මතයක් ආචාරශීලීව ප්‍රතික්ෂේප කල නොහැකිනම් සමානාත්මතාවය පිලිබදව නීති වෙනස් විය යුතු බවත් ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මින් පෙරත් මේ පාරිභෝගිකයා වෙත තමන් සේවය සපයා ඇති බවත් මින් ඉදිරියටත් එලෙස සේවය සැපයීමට තමන් බලාපොරොත්තු වන බවත් තමන්ට ගැටළුව ඇත්තේ තමන්ගේ පාරිභෝගිකය පිලිලබදව නොව මෙම කේක් නිර්මාණය හරහා ලබා දෙන පණිවුඩය බවත් ඔවුන් පවසා තිබෙනවා.

නමුත් කෙනෙකු ලැබුණ ඇනවුමකට අනුව කේක් ගෙඩියක් නිර්මාණය කර දීම තමන් එම මතයට එකගබව ප්‍රකාශ කිරීමක් නොවන බවයි විනිශ්චයකරුගේ මතය වී ඇත්තේ. තමන්ගේ ගැඹුරු ආගමික විශ්වාසයන් ,ව්‍යාපාරයන් සම්බන්ද නීති සදහා අදා නොවන බවත් විනිශ්චයකාරතුමන් තමන්ගේ තීරණය ප්‍රකාශ කරමින් පවසා තිබෙනවා.

 

චින්තිකා මිතිලායා /www.bbc.com ඇසුරෙන්
chinthi490@gmail.com 15897_10204900471566512_706263376089117802_n

 

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here