සමස්ථ රෝහල් කාර්ය මණ්ඩලයම එක්ව මීගමුව රෝහලේදි පැවැත්වුණු උත්කර්ශවත් කැරෝල් උත්සවය !

0
211

tmp_18454-image-0-02-06-408d342f542c0e3c16a5ce829bf0d0658a3d388d8867edd2a6f7674b0697f354-V1481213376මීගමුව රෝහලේ නත්තල් කැරෝල් ප්‍රසංගය ඊයේ අතිසාර්ථකව සිදුකෙරුන බව රෝහල් ආරංචි මාර්ග දන්වා සිටි.
රෝහල් උපාධ්‍ය රුවන්න ප්‍රනාන්දු පියතුමා වෛද්‍ය රේණුක ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම හෙද කාර්ය මණ්ඩලයත් කනිෂ්ට සේවක කාර්ය මණ්ඩලයේත් පුර්ණ සහයෝගයෙන් සිදුකර  තිබුණි.
කැරොල් ගිත ගායනා කරමින් රෝහලේ සියළුම වාට්ටු වෙත ගිය මෙම කණ්ඩායම එදිනට නේවාසිකව සිටි රෝගින් 1500 කට ආසන්න පිරිසකට නත්තල් තෑගිද ලබාදෙමින් ඔවුන් සතුටු කරන්නට කටයුතු කර තිබිමද මෙහි වු එක් විශේෂත්වයක් විය.
මෙසේ ගීත ගායනා කරමින් වාට්ටු ගානේ යමින් සංගිතවත් වු මේ අපුරු කැරෝේ වැඩසටහනට ගිටාර් වාදනයෙන් රවි,ශාමික,සහ සිඩ්නි යන වෛද්‍යවරුන් දායකව තිබුණ අතර බොංගෝ වාදනයෙන් වෛද්‍ය සංජු එක්ව තිබුණි. එමෙන්ම කැරොල් සංදර්ශණය සදහා ඕගන් වාදනයෙන් සම්මාදම් වි තිබුනේ වෛද්‍ය නිශාන්ත ය.
මේ මියුරු කැරෝල් ගායනා සදහා බොදුණු රෝහල් කාර්ය මණ්ඩල සමාජික සමාජිකාවන්ද එක්ව තිබිම තවත් විශේෂත්වයක් විය.
උපතක මහිම 2016 යන්න මෙවර තේමාව වි තිබුණි.

ඡායා- වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු