”සමහර පණුවෝ කියලා තිබුණා ජයවීරට තියෙන කුණු ටිකත් ඇදගන්න බැහැ කියලා”- නගරාධිපති ඇන්ටන් ජයවීර

0
369

NGB mayorදිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා /
  මීගමුව මහ නගර සභා   රැස්වීම 2015 පෙබවාරි මස 10 වනදා පෙරවරු 10.00 ට පවත්වන ලදී.  එහිදී කල්දී ඇති යෝජනා වලින් ප්‍රධාන යෝජනාවේ සදහන් වී තිබුණේ මීගමුව මහ නගර සභාව මුහුණ දී ඇති කුණු කසල බැහැර කිරීමේ ප්‍රශ්නයට ස්ථීර විසදුමක් පිළිබදව සාකච්ඡා කිරීමයි.
මෙහිදී නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා විසින් කළ යෝජනාවට විවිධ අදහස් හා ප්‍රතිචාර පළවිය.

යෝජනාව
නගරධීපති ඇන්ටන් ජයවීර මහතා – මීගමුව මහ නගර සභාව

වසර 35ක පමණ කාලයක් මීගමුව නගරයේ කුණු බැහැර කරන කොච්චිකඩේ ,ඕවිටියාවත්ත ඉඩමේ දැනට පැන නැගී ඇති මහජන විරෝධය හේතුවෙන් තවදුරටත් එම ස්ථානයට කුණු බැහැර කිරීම ප්‍රශ්නයක් වී ඇති බැවින් කුණු බැහැර කිරීමට ස්ථාන ඇති ආයතන ඇති ආයතනයක් තෝරාගෙන ස්ථීර විසදුමකට යා යුතු යැයි මම ගරු සභාවට යෝජනා කරන්නීය.

එජාප  නා. මන්ත්‍රි  නීතිඥ  නිශාන්ත ප්‍රනාන්දු

මේ කුණු වල සම්බන්ධ ගැටලුව අවුරුදු  20 කට කලින් විසදන්න තිබුනා.  මේ ප්‍රශ්ණය එන්න කලින් විපක්ෂයක් හැටියට මේ ප්‍රශ්නය ගැන අපි කතා කලා.ඔබේ යෝජනාවට විපක්ෂයක් හැටියට අපි විරුද්ධ නැහැ.අපි කැමති නෑ විශාල මුදලක් වියදම් කරලා ඉඩමක් ගන්නවාට.මේක යම්කිසි ආයතනයකට දුන්නොත් ඒ දන්නේ කොහෙටද කියන්න අපිට කියන්න බෑ.මම ඊයේත් අපේ කලින් හිටපු නගරාධිපතිවරුන්ට කෝල්  කරලා ඇහැව්වා මේ ඉඩම් ගැන විස්තර. මේ ඉඩම් පවරාගන්න පුලුවන්ද කියලා අහල බැලුවා.
මේ  ඉඩම පවරාගන්න කිසි යෝජනාවක් ඇවිත් නැහැ. මේ ඉඩම වෙළඳ පොලේ අගයට ගත යුතු නැහැ.
අපිට මෙය පවරාගත හැකි.  සත්භාවයෙන් මේ ඉඩම ගන්න අයිතියක් තියනවා.
ඒ නිසා මේ සත්භාවයෙන් මේ ඉඩම පවරාගමු කියන යෝජනාව කරන්න කැමතියි.

නාගරීක මන්ත්‍රී සුනිල් සිල්වා මහතා

මේ කුණු ප්‍රශ්ණය ගැන මං තරම් අවබෝධයක් තියන කෙනෙක් මේ  සභාවෙ නැහැ. මේකට කලින් විශේෂ රැස්වීමක් කැදවලා මේ ගැන සාකච්ඡා කරන්න තිබුනා.
ඒත් මේක දැන් වෙලා ඉවරයි. අපි ඉන්න කාලේ මීගමුව සංවර්ධන  සැලැස්මක් හැදුවා.
ඒ වෙනකොට අපි දන්නවා මෙ කුණු ප්‍රශ්නය කවදා හරි ආයේ මතුවෙනවා කියලා.
මේ ඉඩම් පවර ගන්න අපි යෝජනා කලා. ඒක ගැසට් කරලත් තිබුනා.මේ සංවර්ධන සැලැස්ම යටතේ කුණු ප්‍රතිචක්‍රිකරනය කරන්නත් ගැසට් කරලා තිබුනා.

පසුගිය කාලය තුල බලසම්පන්න ආණ්ඩුවක් තිබුනා.
ඒත් මේක පවරගන්න ආන්ඩුවට බැරි වුණා. දැන්වත් මේ ඉඩම් සම්බන්ධයෙන්  මධ්‍යම රජය එක්ක කතා කරලා පවරාගත යුතුයි. ඊට පසු මේ ප්‍රදේශ ජන ශූන්‍ය ප්‍රදේශ  කරන්න ඔනෑ.

නාගරීක මන්ත්‍රීවරු වෙලත් මේ ප්‍රශණ ගැන දැන ගන්නේ මිනිසුන්ගෙන් නැත්තම් පත්තරේන් ඒක ඉතා කණගාටුදායක තත්වයක්.අපි හරි කලකිරීමේන් සභාවට එන්නේ යන්නේ.මේකෙ වෙන දේවල් ගැන අපි දන්නේ නැහැ. මේකෙ වෙන දේවල් ගැන දැනුම් දීමක් නැහැ. අපේ කණ්ඩායම් වශෙයෙන් කතා කරන්නේ නැහැ.
ඒ හැම ප්‍රශ්ණයක්ම අමතක කරලා මේ කුණු ප්‍රශ්ණය පක්ශ විපක්ෂ හැමෝම එකතුවෙලා ඉක්මනින් විසදිය යුතුයි.

 නාගරික මන්ත්‍රි හෙන්ඩ්‍රි රොසයිරෝ (එජාප)

මම දන්න විදියට අවුරුදු 20ක්ම එකතුවෙන කුනු ටික අරන් ගිහින් වලකට දාන ක්‍රමය තමා තාමත් කරන්නේ.අපි දැන් ඉන්නේ 21 සියවසේ මේක සාමාන්‍යයෙන් නූගත් මනුස්සයෙක් කරන වැඩක්.අවුරුදු 20 ක් තිස්සේ අපි මේ ක්‍රමය අනුගමනය කරලා තියනවා.තාමත් ඒ දේම කරගෙන යනවා.අපි දැන්වත් වෙනස් විදියට හිතන්න ඔන කාලයක් උදාවෙලා තියෙන්නේ.

නගර සභාව ඉස්සරහා ඉඩමක් පවර ගත්තා පුස්තකාලයක් හදනවා කියලා.අද වෙන කොට  ඒවත් නැහැ.කරන් නැති වැඩ වලට ඉඩම් පවරගන්න පුලුවන් නම් ඇයි හොද වැඩකට පවර ගන්න බැරි. අපි හරියට බොරලු දාලා පුරවලා ඒ විදියට කරා නම්  මෙහෙම ප්‍රශ්න වෙන් නැහැ. නගරාධිපතිගේ යෝජනාව ස්ථීර විසදුමක් නොවේ.හොද  විනිවිද පෙනන ව්‍යාපෘතියක් කරන්න.අක්කර 05 හොදටම ඇති කුනුවල ප්‍රතිසංස්කරනය කරන්න.

නියෝජ්‍ය නගරාධිපති සකාවුල්ලා මැතිතුමා (ශ්‍රි.ල.නි.ප)

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ තමා මේ කුනුවල ආරම්භ කලේ.ඒ ප්‍රදේශයේ ජනතාවගේ කැමැත්තෙන්ම තමා මෙතනට කුණු දැම්මේ මොකද මෙතන තිබුනු වැලි කපපු වලවල් පුරවන්න ඔනෑ නිසා.මේ කුනු ගැටලුවට දීර්ඝ කාලීන විසදුමක් ඔනෑ වෙලා තියනවා කියලා මම පසුගිය අයවැය සභාවේදිත් කිව්වා.මේ ප්‍රදේශය ඉස්සර ජන ශූන්‍යා ප්‍රදේශයක්.එක්සත් ජාතික පක්ශය කාලයේ තමා මේ ප්‍රදේශ ගොඩ කරලා ජනතාව පදිංචි කෙරුවේ.පවුල් 500 පිඩාවට පත්වෙන එක නතර කරන්න ගියොත් මුලු නගරයම පිඩාවට පත් වෙනවා.මම පුද්ගලිකව මෙතන කුනු දානවාට විරුද්ධයි.මොක්ද මේකෙන් පිඩාවට පත්වෙන්නේ ජනතාව.මෙම ඉඩම අත්පත් කරගෙන දීර්ඝ කාලීන විසදුමකට යමු.

 නාගරීක මන්ත්‍රී රවී ජීවානන්ද ( එජාප)
 වෙන ආයතනයකට දුන්නොත් අපි දන්නේ නැහැ මේ කුණු කොහෙට දානවාද කියලා. මීගමුව නගර සභාව කරන ප්‍රාථමීක කාර්ය තමා කුණු බැහැර කරන එකයි ලයිට් කනු දාන එකයි. මේවා කරන්න අපොහොසත් වෙනවා නම් අපිට ජනතාව නැහැ.  මෙකෙන් ජනතාවට වෙන පිඩාව වලක්වන්න ඔනෑ.
ඒකට අවශ්‍ය බොරලු දාලා වහලා හරියට කරගෙන යන්න ඔනෑ. නාගරීක මන්ත්‍රී නස්මිහාර් මන්ත්‍රී මහතා (එජාප)

 මගේ ප්‍රදේශය පොරුතොට. අපේ පැත්තේ 5000ක් විතර මිනිස්සු ඉන්නවා.  ඒත් අපේ පැත්තේ කුණු අරන් යන්න ට්‍රැක්ටර් එන්නේ එක දවසයි.  මිනිස්සු ඉතින් සතියක් බලන් ඉන්න ඕනා කුණු අරන් යන්න එනකන්.

නාගරීක මන්ත්‍රී මොහොමඩ් ඉන්ශාන් මහතා (මු.කො)

මන්ත්‍රීවරු 16දෙනෙකෙන් මැලේසියාවට ගියා කුණු ගැන ඉගෙන ගන්න.
ඒ ගිහින් ඇවිත් මාස 06ක් ගියේ තවම එක රැස්වීමක් තිබ්බේ නැහැ.
ඒ ඉගෙනගත්තු දේවල් ගැන කතා කරන්න. මමත් ඒ සංචාරයට සහභාගි වුණා.
අපි ඒ වෙලාවේ හොද ව්‍යාපෘති ඉගෙන ගත්තා. ගිහින් නිරීක්ෂණය කලා.
ප්ලාස්ටික් වලින් නූල් හදලා ඇඳුම් මහන් ක්‍රම ඒ නිෂ්පාදන අපි දැක්කා. මේ නගරයේ බදු ගෙවන ජනතාවගේ සල්ලි වලින් තමා අපි ඒ සංචාරය කලේ.  අපේ නගරයේත් ටොන් 20,30 ප්ලාස්ටික් පොලිතින් එකතුවෙනවා.
ඒක අමතර ආදායමක් ලැබිය හැකි දෙයක්.මේ ප්‍රශ්ණයට හරි විසදුමක් ගන්න කමිටුවක් පත් කළ යුතුයි.

  නාගරීක මන්ත්‍රී මොහොමඩ් ඉන්ශාන් මහතා (මු.කො.)

මන්ත්‍රීවරු 16දෙනෙක් මැලේසියාවට ගියා කුණු ගැන ඉගෙන ගන්න.
ඒ ගිහින් ඇවිත් මාස 06ක් ගියේ තවම එක රැස්වීමක් තිබ්බේ නැහැ.
ඒ ඉගෙනගත්තු දේවල් ගැන කතා කරන්න.
මමත් ඒ සංචාරයට සහභාගි වුනා.   අපි ඒ වෙලාවේ හොද ව්‍යාපෘති ගැන  ඉගෙන ගත්තා.
ගිහින් නිරීක්ෂණය කලා.
ප්ලාස්ටික් වලින් නූල් හදලා ඇඳුම් මහන් ක්‍රම ඒ නිෂ්පාදන අපි දැක්කා. මේ නගරයේ බදු ගෙවන ජනතාවගේ සල්ලි වලින් තමා අපි ඒ සංචාර කලේ.
අපේ නගරයේත් ටොන් 20,30 ප්ලස්ටික් පොලිතින් එකතුවෙනවා.
ඒක අමතර ආදායමක් ලැබිය හැකි දෙයක්.  මේ ප්‍රශ්ණය හරි විසදුමක් ගන්න කමිටුවක් පත් කළ  යුතුයි.

නාගරීක මන්ත්‍රිනි රෙමෝනා ලාන්සා ( ශ්‍රී.ලනි.ප)

මීගම්වේ දැනට  පවතින කොම්පෝස්ට් ව්‍යාපෘතිය පුලුල් කල යුතුයි.
දලුවකොටුව කොච්චිකඩේ ප්‍රදේශයේ ඉඩම් වල හා ගෙවල් වලට කොම්පෝස්ට් බදුන් දුන්නොත් අපිට පුලුවන්. මේ කුණු ටෝන් 80 අඩු කරගන්න.   පාසල් මට්ටමින් ළමුන්ගේ හා මීගමු ජනතාවගේ ආකල්ප වෙනස් කල යුතුයි. පත්තර ප්ලාස්ටික් වැනි දේවල් එකතු කරලා විකුණන්න පුලුවන් ක්‍රම තියනවා. කුරන වැල්ලවීදිය ප්‍රදේශ වල ඒ වගේ කුණු එකතු කරන මධ්‍යස්ථාන තියනවා.
ඒවායේ  ආදායම කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. මේ කුණු ගැටළුලුව ගැන නගර සභාව කලින් කැදවලා තීරණ ගත්තේ නැහැ.  තව දවස් දෙකක් මේ කුණු ගැටලුව තිබුනා නම් අතුරු ආබාධ සෞඛ්‍ය ගැටලු වලට අපිට මුහුන දෙන්න වෙනවා.  කුණු ඉවත් කරන ක්‍රමවේදයට වඩා ඒවා කොම්පොස්ට් කරලා පොහොර කරන්න පුලුවන් නම් ඒක හොද  වැඩපිළිවෙලක්.

නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා (ශ්‍රී.ලනි.ප)

කොච්චිකඩේ ප්‍රදේශයේ පරිසර සුරැකිමේ සංවිධානයක් හරහා එම ප්‍රදේශයේ මිනිසුන් උසාවි ගියා.අපි මෙතැන අවුරුදු 35 ඉදලා කුණු බැහැර කරනවා.   විටින් විට මේ සම්බන්ධයෙන් ගැටලු මතුවෙලා තියනවා.
ආණ්ඩු පෙරලියත් එක්ක කිසිදු සාකච්ඡාවකින් තොරව ප්‍රදේශයේ ජනතාව නගර සභාව අපහසුතාවයකට පත් කරන්න නඩු දැම්මා.
නමුත් අපහසුතාවයට පත් වුනේ ජනතාවමයි.මේ ප්‍රදේශය පසු කාලීනව ජනාකීර්ණ වූනු ප්‍රදේශයක්.මේ අනවසර ඉඩම් වල පදිංචි වෙලා තියෙන්නේ මට පුලුවන් ඔනේනම් ඒ අයව අයින් කරල උනත් දාන්න.නමුත් ජනතාවට ප්‍රශනයක් වෙද්දි අපි ඒවා විසදන්න ඔනෑ.
මේ කුණු ගැටලුවට ස්ථීර විසදුමක් තිබිය යුතුයි.
කුණු බැහැර කිරීමට වෙනත් ස්ථාන තියන යම් කිසි ආයතනයක් සොයා ගැනිම අවශ්‍යයි.එම ආයතනයක් සෙවීමට පුවත්පත් මගින් දැන්වීම් කර එම ආයතනයට ටෙන්ඩර් ලබා දිමට යෝජනා කර තිබෙනවා.

මන්ත්‍රීවරුන්ගේ බුද්ධිය පිළිබදව මම කණගාටු වෙනවා.  විපක්ෂය ගැන මට ප්‍රශ්නයක් නැහැ.මේ කුණු ගැටලුව ගැන සමහර පනුවෝ කියලා තිබුනා ජයවීරට තියෙන කුණු ටිකක් ඒකත් ඇඳගන්න බැහැ කියලා.   හැබැයි
ඒ පනුවෝ මේ නගරය කාලා තියෙන්නේ.  තමුන්වහන්සේලාගේ ආණ්ඩුව තුල ( විපක්ෂය දෙස බලා ) ඒවට නිසි උත්තර දෙයි.   එදාට මේ පනුවත් එක්තරා සාක්ෂිකාරයෙක් වෙයි.
මම තවත් ඒ පනුවොත් එක්ක සාකච්ඡා කරන්න සුදානම් නැහැ. මේකත් එක්ක මට ප්‍රශ්ණ දෙකක් ආවා.
මේක මම දකින්නේ දේශපාලන මුහුනුවරක්.  දේශපාලන මුහුනුවරක් ගත්තේ මාව අපහසුතාවයකට පත් කරන්න.
ඒගොල්ලන්ගේ දැවිච්ච ප්‍රශ්ණයක් මගේ කරපිට ආවා.
පනුවෝ කරපු ප්‍රශ්ණ නිසා මම විදවනවා.අනිත් ප්‍රශ්නය තමා මට චෝදනා ආවා පිටිපන අනවසර ඉදිකිරීමක් කැඩුවා කියලා.
.එතකොට මුලු ගමම මට විරුද්දව පෙළපාලි ගියා.  ඒත් මෙක කැඩුවේ මම නෙමේ ඒකට නියෝග දුන්නේ හිටපු නගරාධිපති තුමා.
ඒවා  නිවැරදි කරන්න අපේ සමහර පනුවො ගිහින් මම ගැන කේලම් කිව්වා.

මේ කුණු ප්‍රශ්ණය ගැන අහන්න රජයේ ඇමතිවරු මට කතා කලා.
එයලා කිව්වා රජය ආපහසුතාවයකට පත් කරන්න මේ දේ කරනවා කියලා.  මේ ගැන අපි එයාලට පැහැදිලි කරලා දුන්නා.  මේ ගැටලුව වෙලාවේ මට තනියම මුහුන දෙන්න වුනා.
වත්ත වට කරලා කම්බි ගැහැව්වා.  පාප්තුමාගේ ගමන නිසා අපි අධිකරණ නියෝගයක් අරන් කුණු දැම්මා.

නඩුවක් තියන අවස්ථාවක ඉඩමක් පවරගන්න බැහැ.   මට තියෙන්නේ තව මාස 08යි .  මේ මාස 08 තුල මට පුලුවන් මෙතනටම කුණු  ටික දාලා යන්න.
ඒත්  ඒක නෙමෙ වෙන්න ඔනා,  ස්ථීර විසදුමක් ඕනා.
අායේ ඔතනට කුණු දාන්න ගියොත් වෙන්නේ ආයේ ඒ ජනතාව පීඩාවට පත්වෙන එක.
රාජපක්ෂ පාර්ක් ගැන තිබුණ නඩුව බේරගත්තේ අධිකරණයට වැදලා පුදලා.  කුණු  සම්බන්ධ නඩුවත් දිගටම යයි ඒක නිසා අපි මේකට ස්ථීර විසදුමක් ඕනා නිසයි වෙන ආයතනයකට දෙමු කියලා යොජනා කලේ.