සම්පායෝ ඇතුළු නිළධාරින් පිරිසක් අගෝස්තු 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට …

0
79

Samapayo-2020.08.04මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එම නිලධාරීන් අද (04) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා පසුගිය 02 වන දා පොලීසියට භාර වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ඔහු ඊයේ (03) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here