සම්පායෝ වෙනුවෙන් නීතිය නමන්න ගිය අයට එරෙහිව පරික්ෂණයක් ?

0
129

Screenshot from 2020-08-19 06-32-47අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර දින 11කට පසු මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අගෝස්තු 2වැනිදා කුරුණෑගල දී පොලිස් බාරයට පත්වුණි.

මේ අතර එම වරෙන්තුව ක්‍රියාත්මක කිරීමේ දී මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාගේ ක්‍රියාකලාපය ගැන සහ ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතාගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත

vudler-නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ එම අත්අඩංගුවට ගැනීම සිදුවූ ආකාරය පිළිබඳ ව නීතිපති දෙපාර්තමේන්තුවට සැකයක් මතු වී තිබෙන බවය.

මීගමුව බන්ධනාගාරයේ සිටින රැඳවියන් ට විශේෂ වරප්‍රසාද ලබා දීමත් ඔවුන්ගේ සමහර නීතිවිරෝධී ක්‍රියා සඳහා අනුබල දීම සහ සහයෝගය දීම සම්බන්ධයෙන් හිටපු අධිකාරි සම්පායෝ සහ තවත් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙක්ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර කර සිටී.
මිගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ ව තුන්වෙනි වතාවටත් අධිකරණයට පසුගිය දා ඉදිරිපත් කරන ලද අවස්ථාවේදි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා මිගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකගේ ක්‍රියාකලාපය පිළිබද බරපතල ලෙසින් චෝදනා මතුකර තිබුණි.
සම්පායෝව අත්අඩංගුවට ගැනිමක් සිදු කරනවා වෙනුවට සුහද පිළිගැනිමක් කර ඇතැයි ඔහු අධිකරණය හමුවේ කරුණු සහිතව එළිකර සිටියේය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here