
මාධ්‍යවේදින් මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ද එලක්ක කරගනිමින් ක්‍රියාත්මක වෙමින් ඇති මර්ධනිය සැලැස්මක පෙරනිමිති මේ වන විට පහල වෙමින් තිබේ.
අද අලුයම හිරු මාධ්‍යවේදි චමුදිතගේ නිවසට ප්‍රහාරයක් එල්ල වි තිබුන අතර සවස් වරුවේ මහපාරේදි සමාජ ක්‍රියාකරුවෙකු වන ශෙහාන් මාලක මහතාව අද (14) දින හදිසියේම අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ව අත්අඩංගුවට ගනිමින් තිබෙන අවස්ථාවේ ඔහුගේ දුරකථනය පොලිසිය විසින් බලහත්කාරයෙන්ම ලබාගැනිමට පෙර ඔහු විසින් සමාජ මාධ්‍යට නිකුත් කළ වීඩියෝවකට අනුව සුදු වෑන් රථයකින් පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මේ අතර , එළැඹෙන බ්‍රහස්පතින්දා (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී මනෝරම විරසිංහ මහතාට කැදවීමක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි මනෝරාම කියා සිටියේ එසේ පැමිණිය යුතුව ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු දැනුම් දිමක් නොකළ බවය.
සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් බෙදාගත් විශාල පිරිසක් මේ වන විට නැගෙනහිර පළාතෙන් වාර්තාවේ. යුද්ධයෙන් පිඩාවට පත්ව අඩන මව්වරුන් පිරිසකගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙතට මුදාහැර තිබුන වාලච්චේනේ සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ගෝකුලදාසන් මේ වන විට මාස 14 කටත් වැඩිකාලයක් සිරගත කොට තිබේ.
මේ ආකාරයෙන් පොලිසිය විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් අත්අඩංගුවට ගැනිමට ක්‍රියා කිරිම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරින් පවා එතරම් පැහැදිමකින් නොසිටින බවද වාර්තාවේ .මේ බව ඇතැම් ඉහල පොලිස් නිළධාරින් හට දැනටමත් දැනුම් දි ඇතැයිද දැනගන්නට තිබේ.