සමාජ මාධ්‍ය වලින් පතුරු ගැසු පසු පොලිසිය රිවර්ස් යයි ! බස් ප්‍රමුඛතා මංතිරුවට හෙට සිට නිසි තැන හිමිවෙයි

0
77

1600776847-BUS-LANA_Lබස් ප්‍රමුඛතා මංතීරුවේ හෙට (23) දින සිට ධාවනය කළ හැකි රථ වාහන සම්බන්ධයෙන් වෙනසක් සිදුකර තිබේ.

ඒ අනුව හෙට (23) දින බස් මංතීරුවේ ධාවනය කළ හැකි වන්නේ මගී ප්‍රවාහන බස් රථ, පාසල් සේවා බස් සහ වෑන් රථ, කාර්යාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණීයි.සැබැවින්ම බස් ප්‍රමුඛතා මංතිරු නිතිය පදනම් වන සංකල්පය වන්නේද එයයි . එහෙත් පොලිසිය මෙය අවුල් ජාලයක් බවට පත්කිරිමෙන් පසු සමාජ මාධ්‍ය වලින් දැවැන්ත ප්‍රහාරයක් දියත් ව තිබුණි.
කෙසේ වෙතත් පොලිසිය දැන් හරි පාරට වැටි ඇති සෙයකි.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ යතුරු පැදි සහ ත්‍රිරෝද රථවලට දෙවන මංතීරුව භාවිත කරන ලෙසට ද ඉල්ලීමක් කළ බවයි.

මංතීරු නීතිය යටතේ මීට‌ පෙර පොලීසිය යෝජනා කළේ යතුරු පැදි සහ ත්‍රිරෝද රථ බස් ප්‍රමුඛතා මංතීරුවේ ධාවනය කරවීම සදහාය.