සමාව ඉල්ලන්න පැමිණි අයෙකුට කම්කරුවෝ පහර දෙති.පොලිසිය නිහඬයි?.

0
41

NGB attack 1NGB attack 2ngb attack 3NMC1NMC2NMC3සෞඛ්‍ය කම්කරුවන් දෙදෙනෙකු පහර දිම හේතුවෙන් අධිකරණයෙන් ඇප ලැබු කුරණ ප්‍රදේශයේ නිවැසියෙකු පසුව මීගමුව මහනගර  සභාව වෙත පැමිණ තිබුනේ ඒ වන විටත් මේ පහර දිමට එරෙහිව කම්කරුවන් විරෝධතාවන් දක්වමින් සිටියදිය.
පසුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා පොලිසියේ ඉල්ලිම මත නගරාධිපතිවරයාගේ නිල කාමරයෙන් පිටව ගිය අදාල පුද්ගලයාට පසුව විරෝධතාවයේ යෙදුන කම්කරුවන් විසින් අමානුෂිකව ලෙස එලව එලවා පහර දි තිබුණි.
මේ සියල්ල සිදුවෙද්දි අදාල පුද්ගලයාව ආරක්ෂිතව එතනින් ඉවත් කිරිමේ වගකිම භාරගෙන සිට පොලිස් නිළධාරින් හැසිරි තිබුනේ සිය නිලයේ ගෞරවයටද හානි සිදුකරගනිමිනි.
තවත්වය තවත් දුරදිග ගොස් අදාල පුද්ගලයාට කිසියම් අනතුරක් සිදුවිමට බොහෝ ඉඩතිබුණ අතර එවැන්නක් සිදුවුණි නම් එය පාලනය කරගැනිමට තරම් කිසිදු සැලැස්මක් මීගමුවේ පොලිස් නිළධාරින් වෙත තිබුනේ නැත
මේ ගැන ප්‍රකාශයක් කරමින් මීගමුව නගරාධිපතිවරයා මාධ්‍ය වෙත පවසා තිබුනේ ඒ පුද්ගලයාට ආරක්ෂාව දිම පොලිසියේ වගකිමක්ව තිබුණු බවය.
කෙසේ වෙතත් පැවැති උණුසුම් වාතාවරණයක් හමුවේ අදාල පුද්ගලයාගේ පැමිණිමම බරපතල අනුවන කමක් වන අතර ඔහුට එන්නට යැයි කි පාලකයන්ගේ අනුවන කම කදිමට මින් ඔප්පුවේ.
එවන් තත්වයක් පාලනය කරගැනිමට නොහැකිවිම පොලිසියේ කිසිදු වෘත්තියභාවයක් නැති බව යළිත් වරක් ඔප්පුවිමකි.
ඡායා- එම් .ඉසෙඩ් සහජාන් /පියපේම