සමුපකාර ඡන්දයෙන් ස්ටැන්ලිගේ පිළට ජය …

0
188

මීගමුව සමුපාකාර ඡන්දයෙන් හිටපු සභාපතිවරයෙකු වන ස්ටැන්ලි ප්‍රනාන්දුගේ පිළ ජයගෙන තිබේ.
ඒ ඊයේ පැවැති මහසභා සභා ඡන්දයෙනි.
පරාජයට පත්ව ඇත්තේ සමුපාකාර ක්‍රියාකාරිත්වය ගැන දැඩි විවේචන වලට ලක්ව සිටි හිටුප සභාපති සුරංගගේ කණ්ඩායමයයි.
මේ කණ්ඩායම හා එක්ව සිටි මිගමුව එජාප සංවිධායක බෙන්ජමින් මෙන්ම එජාප ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු වන කැලිසන් ජයකොඩි සිය අපෙක්ෂකයන් ඉදිරිපත් කර තිබුණද ඒ සියලු දෙනා අන්ත පරාජයකට පත්ව තිබේ.
මිගමුවේ සුපිරි වෙළද සැල් ගණනාවක් හා තරඟකාරිත්වයක නියැලෙමින් ස්ටැන්ලි ප්‍රනාන්දුගේ නායකත්වය යටතේ සමුපාකාරය පසුගිය වකවානුව තුල ප්‍රකට සේවයක් ලබාදි තිබුණි.
මේ පසුබිම තුල මෙවර ඡන්දයේදි සේවක පිරිස්වල මෙන්ම මහ සභා සාමාජිකයන්ගේද නොමද සහයක් ස්ටැන්ලි ප්‍රනාන්දුගේ පිළට ලැබි තිබේ