(2.27pm)පොලිස්පතිතුමාගේ සංකල්පයක් මත ලංකාවපුරා ක්රියාත්මක කිරීමට නියමිත ගමට පොලීසියක් යන සංකල්පය යටතේ අද (21දා) කටාන අක්කර පනහ ප්රදේශයට පොලීසියක් විවෘත කරනලදී. ග්රාමසේවා වසම් 3කට එනම් 93 D අක්කර 50, 93 E කදිරාන, 93 C දකුණු කදිරාන යන වසම් 3ටම අදාලව මෙම පොලීසියේ කටයුතු සිදුවන බව කටාන පොලිස් ස්ථානාධිපතිතුමා අප සමග පැවසීය.
මේ සදහා 150ක පමණ පිරිසක් සහභාගිවූ අතර මීගමුව පොලිස් අධිකාරී අතුකෝරල මහතා විසින් විවෘත කරනලදී. මෙම අවස්ථාවට එම වසම් තුනේ ග්රාමනිලධාරීන් තිදෙනා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වී ඇත.
මෙය ප්රදේශයේ පවතින ගංජා, කුඩු, ළමා අපචාර වැනි විවිධ දුරාචාරයන් මර්ධනය කිරීම සදහා හොද පියවරක් බව ප්රදේශවාසීන් පවසති.