සමූහයකට දිවි අහිමි කළ පස්සර ඛේදවාචකයෙන් පසු ඇස්ඇරණු ලොක්කෝ ???

0
373
FB IMG 1616211425526

පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මරණයට පත්වූ ස්ථානයේ යකඩ බට යොදා ගනිමින් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙන බව මේ වනවිට මාධ්‍ය විසින් වාර්ථා කොට තිබේ.
ලංකාව තුල පසුගිය කාලය පුරාම මෙවැනි ඛේදවාචක වලින් පසුව පමණක් නින්දෙන් අවදිවන බළධාරින් විවිධ පිළියම් යෙදිමට පටන් ගත්තද දින කිපයක් යන විට ඒ සියල්ල ගැන විමර්ශණයන් කිරිම පවා ඒ අයටම අමතකව යෑම මේ දක්වා සිදුව යථාර්ථයයි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කර තිබුනේ අද සිට රථවාහන වල ගෙවි ගිය ටයර් පරික්ෂා කිරිමට කටයුුතු යොදා ඇති බවයි.

පස්සර සිදුවිම අරභයා මාර්ගය අනතුරු දායක බව පැවසෙන මාර්ග පුවරුද සවි කිරීමට සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. මීට අමතරව මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවල වේගය පාලනය කිරීම සදහා මාර්ගය හරහා මාර්ග බාධක (බම්පර්) දීමටද කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගය අවහිර වන ලෙස තිබූ දැවැන්ත ගල් පර්වතය තවමත් ඉවත්කර නොමැත. රියදුරන් පෙන්වා දෙන්නේ එම මාර්ගයේ එවැනි අනතුරු දායක ස්ථාන රැසක් පවතින බවය.
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන මතුවෙමින් ඇත්තේ ආදල මාර්ගයේ අනතුරු වැලැක්විමට ගතයුතුවු පියවර නොගත් බළධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතු යැයි පවසමිනි.

163305984 10224868105031532 687604746935562297 o

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here