සමෘද්ධිගමට අකුණු සැරෙන් අලාභ…..

0
82

ඊයේ( 19) පැවති ධාරානිපාත වර්ෂාව නිසා කටාන සමෘර්දිගම නිවාස 40කට පමණ නි සිදුවී ඇති බව වාර්තා වේ. මෙම අකුණු සැර වැදීමෙන් පවුල් 40ක නිවෙස් වල ඇති විදුලි භාණ්ඩ සහ එවැනි වෙනත් උපකරණ වලට හානි සිදුවී ඇත. මේ ගැන අදහස් දැක්වූ ප්‍රදේශවාසීන්  ප්‍රකාශ කළේ ගෙවල් 2කට තදබල ලෙස හානිවී ඇති අතර ගෙයක් ඉදිරිපිට තිබුනු විදුලි කණුවක්ද මේ නිසා කැඩී බිඳී ගොස් ඇති බවය.මේ පිළිබදව ප්‍රදේශවාසීයෙකු වු  ලාල් මහතා අදහස් දැක්වූවේ මෙසේය.

”ඊයේ සවස හුක් තදින් වැස්සා. මේ අකුණ වදින කොට සවස 3.00ට විතර ඇති, මම හිටියෙ ගේ ඇතුළෙ, බෝම්බයක් ගහනව වගේ තමයි මට ඇහුනේ. අපේ ගෙදර ට්‍රිප් ස්විච් , මීටර් බෝඩ්,වයරින් කරපු ඒවත් එක්ක සියල්ලම ගිනිගත්තා. ගෙදර 6 දෙනෙක් හිටියා. ඒ අයට මොකුත් උනේ නෑ.
ගමේ ගෙවල්වල ටෙලිපෝන්, රහුටර්, ප්‍රිජ්, ටීවී වැනි දේවල් විනාශ වුනා.”wp0_wp0_wp0_wp0_wp0_wp931dc558

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here