සමෘද්ධිලාභීන්ට බැසිල්ගෙන් මාළු දීමනාවක්…..

0
63

tuna-yellowfin-tuna-at-negombo-market1සමාද්ධිලාභින්ට මෙවර සමෘද්ධි දීමනාව ලබාදීමේදී එම දීමනාව තුළ රුපියල් 500ක වටිනාකමකින් මාළු ලබාදීමට රජය තීරණය කර තිබේ.

අපනයන ප්‍රමිතීන්ට අනුව ඇසුරුම් කරන ලද මාළු ධීවර සංස්ථාව මැදිහත්ව ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
රාජපක්ෂ මහතා මේ බව පවසා තිබුනේ අරලියගහ මන්දිරයේදී ඊයේ  (3) පැවති සාකච්ඡාවකදීය. ඒ සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ද හිමිවී තිබේ.
බස්නාහිර පළාතේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද  සිට සෞඛ්‍යාරක්ෂිතව විවෘත කරන අතර වැලිසර ආර්ථික මධ්‍යස්ථානය විෂභීජහරණය කොට එහි සේවය කරනන් පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීමෙන් පසුව ලබන සඳුදා දින වන විට තොග වෙළඳාම සඳහා පමණක්  විවෘත කිරීමේ හැකි බව ද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
මුලාශ්‍රය – ලංකාදිප