සමෘද්ධි නිළධාරින්ට වැඩි සැලකිලි ! ග්‍රාම නිළධාරින්ට සැලකිලි ???

0
107

stock-photo-money-86306050වැඩි අවදානම් දරමින් ගම්මට්ටමේ වැඩවලදි පහලම රාජ්‍ය නිලධාරින් හැටියට කටයුතු කරන ග්‍රාම නිළධාරින් වඩා වැඩි සැලකිල්ලක් රජය විසින් මේ වන විට සමෘද්ධි නිළධාරින් හට ලබාදි ඇතැයි බරපතලචෝදනාවක් මේ වන විට ඉල්ලවි තිබේ.එනම් ග්‍රාම නිළධාරින් හට සන්නිවේදන දිමනාවක් ලෙසින් රු 600 ක් පමණක් ලැබෙද්දි සමෘද්ධි නියාමකයන්ට හට රු 2000 ක සන්නිවේදන දිමනාවක්ද ,රු 1000 ක ප්‍රවාහන දිමනාවක්ද සමගින් අමතර දින 5 ක වැටුපක්ද මාසිකව හිමි බව ග්‍රාම නිළධාරිවරුන් කියති.
තවදුරටත් ඔවුන් පවසා සිටින්නේ කලින් රු 300 සන්නිවේදන දිමනාවක් ලැබෙමින් තිබුන නිසා සැබැවින්ම පවතින තත්වය තුල රජය වැඩිපුර දි ඇත්තේ රු 300 ක් පමණක් බවය.
සමෘද්ධි නිලධාරින්ට මේ ආකාරයෙන් වැඩි සැලැකිලි ලබාදෙමින් ඇත්තේ එළඹෙන මැතිවරණයේදි ඒ අයගෙන් වැඩිපුර දේශපාලන වාසි ලබාගත හැකි නිසාදැයි ග්‍රාම නිළධාරිහු ප්‍රශ්ණ කරති .