අගෝස්තු 16දා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හනා සිංගර් ට්විටර් පවසන්නේ මෙසේයි: “Every day in #lka I meet so many inspiring individuals whose #compassion, resolve, sense-of-duty, passion to serve, knows no bounds. Chief INSP Wootler is one such person, offering shelter at the Negombo Police Station to asylum-seekers & #refugees who had nowhere else to go.” (ශ්‍රී ලංකාවේදී මට හැමදාම බොහෝ ප්රබෝධය ඇති කරන පුද්ගලයන් හමු වෙනවා. ඔවුන්ගේ සහකම්පනය, අධිෂ්ඨානය, වගකීම්සහගතබව, සේවයට ඇති අනුරාගය සීමාවන්ගෙන් තොරයි. ප්‍රධාන පොලිස් පරීක්ෂක වූඩ්ලර් එවැනි පුද්ගලයෙක්. යන්නට අතක් නොමැතිව සිටි සරණාගතයන්ට ඔහු මීගමුව පොලිසියේ රැකවරණ සැපයුවා.)( උපුටා ගැනිම- praja.lk)
විවිධ ජාතීන් ජීවත්වන මීගමුව නගරයේ මෙම ප්‍රහාරයත් සමග සිවිල් සමාජයේ ඇතිවූ කැලඹීම පාලනය කිරීමට මීගමුව හා කටාන පොලීසියට මෙන්ම අවට පොලීසි වලට විශාල වගකීමක් පැවරිනි.
ඒ වන විටත් වසර 3ක සිට මීගමුවේ ජිවත්වන පාකිස්තාන ජාතික සරණගතයින් 700කට ආසන්න ජනතාවක් පමණ විය
පසුගිය 21 වනදායින් පසු දින කීපයක් ගතවූ පසු පකිස්තාන් ජාතිකයින් විසින් කුලියට ගෙන ජීවත්වූ නිවාස වලට අවට ප්‍රදේශවාසීන්ගෙන් විවිධ බලපෑම් එල්ල වූ අතර එහිදී ඔවුන් කුලී පදනම මත ගත් නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන කරා යොමු විය.
සරණගාතයින් සදහා වු එක්සත් ජාතීන්ගේ මහ කොමිසමේ ආරක්ෂාව යටතේ රැදි සිටින මෙම පිරිස ආරක්ෂා කිරිමට මීගමුව හා කටාන පොලීසිය කැපවීමෙන් කටයුතු කිරීම අගය කුළ යුතු කරුණකි.
සරණාගතයින් සම්බන්ධව එක්සත් ජාතින්ගේ ප්රඥප්තීන්ට එකඟ වී ඇති ශ්‍රී ලාංකික අප වසර 30ක යුද්ධයක් පසුකළ රටක් ලෙස සරණාගතවීම ගැන අත්දැකීම් ලැබූ ජාතියකි.
මිගමුව පොලීසිය විසින් විවිධ තර්ජන හා බලපෑම් හේතුවෙන් සිය වාසස්ථාන අතහැර පැමිණ සිටින 150ට වැඩි පිරිසකට ආරක්ෂාව හා තාවකාලික නවාතැන් සපයමින් සත්කාරක සේවයක් සිදු කිරිමට ගත් තීන්දුව අතිශයෙන්ම වැදගත් වුවකි.
මේ ආකාරයට මෙම 21 වනදා ප්‍රහාරයෙන් විපතට පත් මෙම පකිස්තාන් ජාතික ක්රිස්තියාන් කතෝලික හා මුස්ලිම් භක්තික ප්‍රජාවට මේ මොහොතේ රැකවරණය හා ආරක්ෂාව ලබාදීමේ වගකීම මීගමුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු සියලූම නිලධාරීන් විසින් රටටත් ලෝකයටත් පෙන්වා දුන් ආදර්ශය මේ වන විට ලෝක ප්‍රජාවේ ඇගයුමටද ලක්ව තිබේ.
විධිමත් පහසුකම් පිළිබද ගැටළු රැසක් ඒ වන විටත් මතුව තිබුණද මේ සරණාගතයන්ට පිහිටවිමට මේ අවස්ථාවේ තින්දුකළ මිගමුවේ පොලිසිය පිළිබද අසරණභාවය පත්ව සිටින පාකිස්ථානු ජනයා අතර තිබුනේ ඉහල ප්‍රසාදයකි.
මීගමුව පොලිසිය විසින් ඉටුකළ මෙම වගකීම පිලිබදව ඔවුන්ට අපගේ ප්‍රනාමය පිරිනැමිය යුතු අතර පෙරියමුල්ලේ අහමදියා මුස්ලිම් දේවස්ථානය හැරෙන්නට කිසිදු දේවස්ථානයක් ඒ මෙහොතේ ආගන්තුකයින්ට සැලකීම ඉදිරිපත් වුයේ නැති බවද මෙහිලා සටහන් කළ යුතුව තිබේ.
විශේෂයෙන්ම මෙසේ අසරණභාවයට පත්වු කතෝලික ජනයාට මිගමුවේදි අසල්වැසියට ප්‍රේම කරන්න යැයි කියු දෙවියන්ගේ රැකවරණය නොලැබි යාම කිනම් සරදමක්ද ?
ඒ නිසාම දෙවියන් වන් මිනිසුන් වැඩසිටින තැනක් බව ලෝකයට කියන්නට මිගමුව පොලිසිය සමත්ව තිබුණි