සරත් ඇතුළේ නිමල් එළියේ ? ඒ ඇයි ?

0
46

Sarath Kමීගමුව දේශපාලන පොර පිටියේ සැහෙන කාලයක් පසමිතුරන්ව සිටි සරත් ගුණරත්න සහ ලංසාලා දැන් හාදවෙලා යමන් පනේ යැයි කරට අතදමාගෙන ඇත.
ආරම්භයේ සිටම පක්ෂය හැර නොගිය එසේ යන්නට හෝ කිසිවිටකත් උත්සාහ නොගත් මීගමුව හිටපු ආසන සංවිධායක සරත් ගුණරත්න කෙටි කලක් තුලදි දෙවතාවක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
ඒ මීගමුව කලපු කළමනාකරණ අරමුදල් අවභාවිතා කිරිම හේතුවෙනි.
රාජපක්ෂලාගේ දේශපාලනය තුල වැඩියෙන්ම මුදල් හම්බ කළ දේශපාලකයා ලෙසින් ප්‍රකට වුයේ නිමල් ලංසාය.
ඔහුට එරෙහිව වු චෝදනා ද රැසකි.
එහෙත් ඒ සියල්ල එසේම තිබියදි දැන් සරත් ගුණරත්න ඇතුළට ගොස් ඇති අතර නිමල් ලංසා තවමත් එළියේය.
නිමල් ලංසා යනු එජාප පවුල් සම්භවයකින් පැවත එන්නෙකි.
දේශපාලනයේ ඉදිරියට ඒම සදහා ඕනෑම සම්බන්ධකමක් උපයෝගිතාවාදි ආකාරයෙන් පාවිචි කරන නිමල් ලංසා ජෙයරාජ්ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ උදව්වෙන් උඩට පැමිණ පසුව ප්‍රනාන්දුපුල්ලේ පවුලටම එරෙහිව බැසිල් රාජපක්ෂ හා සෙට්විය.
සරත් තාමත් මහින්ද රාජපක්ෂ කෙරෙහි සිය විශ්වාසය තබා ක්‍රියාකරන්නෙකි.නිමල් ලංසා එසේ නොවේ ඔහු දවල්ට මෛත්‍රිපාල සිරිසේන සමගින්ද රාත්‍රියේදි රාජපක්ෂවරුන් සමගින්ද දේශපාලනය කරන්නෙකි.
නිමල් කළු සල්ලි යුගයේ ශ්‍රිලංකා කාරයෙකි.
ඔහු අදින්නේ ටයි කෝට්ය.
සරත් එසේ නොවේ .
ඔහු අයත් වන්නේ පරණ ශ්‍රිලංකා කාරයන්ගේ ගණටය.
රාජපක්ෂ සමයේ වැඩියෙන්ම සල්ලි ගසා කෑම පිළිබදව වැඩියෙන්ම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මේ අළුත් ශ්‍රිලංකාකාරයන්ය.
නිමල් ලංසලාගේ ඇදුම මෙන්ම ගැහිලිද ස්මාට්ය.
සරත්ට වැරදුනේ එතනය.
දැන් ලංසලා කල්පනා කරන්නේ මේ සියළු තත්වයන් තමන්ගේ පවුලේ දේශපාලන වාසියට ගෙන සරත් ගුණරත්නව දේශපාලනික විශ්‍රාම යවා මීගමුවේදි ශ්‍රිලනිපයේ අධිකාරිය යළිත් කෙසේ හෝ තම පවුල අතට ගැනිමටය.
මේ මෙහෙයුමේදි සරත් ඉන්නේ අවාසි තැනකය.