සරත් ඉද්දමල්ගොඩ පියතුමාගේ කිතුණු දහම සහ කළු සල්ලිකාරයන්ට යටවුණ මිගමුවේ ඇතැම් පියතුමන්ලා ?

0
611

FB_IMG_1581246351517මීගමු ඉතිහාසය තුල සුවිශේෂි යුග මෙහෙවරකට සිය ජිවිතයෙන්ම සාක්ෂි දරු ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමන් මිට සති කිපයකට ඉහතදි සිය 75 වන උපන් දිනය සැමරුවේය.
මීගමුවේ ඉඩම් අහිමි දිළිදු ජනයා වෙනුවෙන් එදා පෙළගැසුණු මිගමුවේ කිතුණු පියතුමන්ලා අතර වැඩි ජවයකින් වැඩකටයුතු කළ ඉද්දමල්ගොඩ පියතුමන් අයිවන් ප්‍රනාන්දු පියතුමාගේ නායකත්වය යටතේ ලංකා ඉතිහාසයේ ප්‍රගතිශිලිම පියවරුන් පරපුරක් විසු කලාපය බවට මිගමුව පත්කලේය.
එකල කාර්දිනල් මැල්කම් වැන්නන් හිටියේ මිගමුවේ පියතුමන්ලාගේ  දැක්මට සහ ක්‍රියාකාරිත්වයට ගව් ගානක් ඇතිනි.
එදා මැල්කම් පියතුමා දැන් කාර්දිනල් මැල්කම් හිමි යැයි නිල කතෝලික සභාවේ ඉහල තනතුරුකට රෝමය විසින් ඔසවා තබා තිබේ.
එහෙත් 75 ස් වන විය සමරන ඉද්දමල්ගොඩ පියතුමා නිල කතෝලික සභාවේ තාන්න මාන්න වලින් පිදුම් නොලැබුවද දිළින්දුගේ සභාවේ එසේත් නැතිනම් ලෝකයේ ප්‍රගතිශිලි කිතුණු සභාව තුල කිසිදු පැකිලිමකින් තොරව ඉහලටම ඔසවා තැබිය හැක්කෙකු ලෙසින් සරත් පියතුමා සිය ජිවිතයෙන් සාක්ෂි දරා හමාරය.
අපට නම් සරත් පියතුමා යනු කාර්දිනල් මැල්කම් වැනි නිල සභාවේ උසස් නිළයන් හොබවන අයෙකුට වඩා අපුර්වතම සුවිශේෂි චරිතයකි.
එය වඩාත් මැනවින් පැහැදිලි වන්නේ කාර්දිනල් මැල්කම් හිමියන්ගේ මෙහෙයවිම් ලබන මිගමුවේ ඇතැම් පියවරුන්ගේ පසුගිය කාලය තුල හැසිරිම දෙස වඩාත් සමිපව විමසනු ලබන කල්හිය.
මේ ඒ සදහා එක් උදාහරණයකි.
එහෙත් මිගමුවේ නිළ කිතුණු සභාවටත් එහි බහුතරයක් පියවරුනුත් අද පත්ව ඇති තත්වය ගැන පැහැදිල හරස් කඩක් මේ  පුවත තුල අන්තර් ගතය.එහෙත් අවාසනාව වන්නේ ඉද්දමල්ගොඩ පියතුමා විසින් ගොඩනගන ලද අද දිනයේ 40 ස් වස සමරන ජනාවබෝධ කේන්ද්‍රය වැනි සංවිධානවලට පවා මිගමුවේ සිදුවන මේ කප්පරක් දුෂණ වංචා ගැන නිනව්වක් නැති විමය.

වසර කිපයකට ඉහත  අප්‍රෙල් මහසභා රැස්විමට නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබුණි.
ඉන් එකක් වන්නේ එකක් වන්නේ මීගමුව දුම්රිය ස්ථානයේ ඇති ප්‍රතිමාව අලුත් වැඩියා කිරිම සදහා උදව් ඉල්ලිමින් තිල්ලන්දුව පල්ලියේ පියතුමා විසින් ඉදිරිපත් කර ඇති ලිපියකි.
අනික වන්නේ පුංචි රෝමය ආරක්ෂා කිරිම සදහා වු යෝජනාවකි.

එයට අනුව මීගමුව ප්‍රදේශයේ ආගමික ආරක්ෂාව හා රැකගැනිම තහවුරු කරගැනිම සදහා මීගමුවේ කතෝලික පියතුමන්ලා විසින් දායන් ලංසා නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙත එවා ඇති ලිපියකි.

ඉන් ඉල්ලා ඇත්තේ පුංචි රෝමය ආරක්ෂා කරගැනිම සදහා නගර මධ්‍යයේ ඔරලෝසු කණුවේ මුදුනතෙහි  මරිය මව්තුමියගේ  ප්‍රතිමාවක් කෙලින් විදියට මුහුණ ලා ඉදිකරන ලෙස කරන ලද ඉල්ලිමකි.
මේ අතර ලෝකයේ සමස්ථ කතෝලික සභාව වෙත වරක් පාප්තුමා ප්‍රබල ප්‍රකාශක් කර තිබුණි.
එනම් අයථා මාර්ගවලින් මුදල් හරි හම්බකරගත් අයගෙන් හෝ එවැනි කලු සල්ලි කිසිසේත්ම කිතුණු සභාවේ දේවල් සදහා යොදා නොගන්නා ලෙසය.
(උපුටා ගැනිමකි)
ඉතින් මැල්කම් කාර්දිනල් තුමෙනි දැන් ඔබ මේ ගැන කියන්නේ කුමක්ද ? සරත් පියතුමා වැනි අදීන පියවරුන් කෙතරම් ශ්‍රේෂ්ඨදැයි ඔබට වැටහුනත් පිළිගන්නට බැරිබැව් දනිමු.
එය අද ලංකාවේ නිල කතෝලික සභාවේ යථාර්ථයයි.
මීගමුව නගරයේ කුප්‍රකට කළු සල්ලිකාරයන්ගේ උදව්වෙන් මරිය මව්න්ටත්  නිගරු කරමින් මෙවැනි ප්‍රතිමා  තබන්නට දිළිදුන්ගේ සභාවක් ගැන කථාකරන කිසිවෙකුටවත් නොහැකිය.
කළු සල්ලිකාරයන්ට මුදලට ලොබව එයට යටවි හැක්කේ කාටද ?
සැබැ දෙව්පුතුන්ට නම් නොවේ.
දෙවියන් ඉදිරියේ එවන් සැම සැබැවින්ම තක්කඩියන් බව ඉතා හොදින් වැටහෙන්නේ සරත් පියතුමන්ලා වැනි ආදර්ශමත් පියවරුන් නිසාවෙනි.