සරත් ගුණරත්න අභියෝගතා කුසලාන එල්ලේ තරගාවලිය

0
89

IMGP1157

IMGP1218රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දුන්ගාල්පිටිය සරත් ගුණරත්න පදනම විසින් එල්ලේ ක‍්‍රීඩාව ප‍්‍රචලිත කිරීමේ අරමුණින් දිවයිනේ ප‍්‍රබලතම එල්ලේ කණ්ඩායම් 8 ක් සහභාගි කරවාගනිමින් එල්ලේ තරග මාලාවක් පැවැත්වූ අතර, එම තරගාවලිය සාර්ථකව අවසන් කර ගැනීම සඳහා අවසන් වටයේ තරග 2012 මැයි 27 වන දින පැවැත්විනි.

මේ සදහා යක්කඩුව-වීරගාමිණි,මූදුකටුව-පාතිමා,උදම්මිට-ගාමිණි,මාටාගොඩ-ආනන්ද යන කණ්ඩායම් සුදුසුකම් ලැබූ අතර,එයින් අවසාන මහා තරගයට මූදුකටුව-පාතිමා,උදම්මිට-ගාමිණි යන කණ්ඩායම් සුදුසුකම් ලැබූ අතර,  එම තරගයෙන් උදම්මිට-ගාමිණි කණ්ඩායම විසින් ජය ගෙන කුසලානය ලබා ගන්නා ලදී.
එහි ශූරතාවය ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ සහ අනු ශූරතාවය ජාතික එල්ලේ සම්මේලනයේ සභාපතිතුමාගේ සුරතින් පිරිනමන ලදී.
මෙම අවසන් මහා තරගයට ගරු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මැතිතුමා,ජාතික එල්ලේ සම්මේලනයේ සභාපති පළාත්සභා මන්ත‍්‍රි ආනන්ද හරිස් චන්න්‍ද්‍ර මැතිතුමා ඇතුළු මීගමුව මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීන් පිරිසක් සහභාගි විය.
IMGP1221

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here