සරත් ගුණරත්න මීගමුවෙන් මැතිවරණ සටනට !

0
101

මීගමුවේ සිටින ජේෂ්ඨතම දේශපාලකයා වන හිටපු  නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මෙවර පොහොට්ටුවෙන් මැතිවරණ සටනට පිවිසිමට නියමිත බව වාර්ථා වේ.
මීගමුවේ ඇතැම් දේශපාලකයන් පක්ෂය මාරුකිරිමට පවා උත්සාහ ගනිද්දි සරත් ගුණරත්න තමපක්ෂයත් රැකගෙන සියළු අභියෝගවලට තනිව මුහුණ දෙමින් දැඩි කැපවිමක් කළ අයෙකු ලෙස දේශපාලනික සලකුණු වි තිබේ.
රාජපක්ෂ පවුලේ සමිපතයෙකු සරත් ගුණරත්නගේ පැමිණිම සැබැවින්ම ඇමති නිමල් ලංසාට නම් දැවැන්ත අසුබ පුවතක් වනවාට සැක නැත.
ඒ මන්දයත් දැනටමත් අවධානම් කලාපය සිටින ඇමති නිමල් ලංසාගේ අවධානම තවත් වැඩිමට සරත් ගුණරත්නගේ මේ දේශපාලන ආගමනය නිසැකයෙන්ම බලපාන බැවිනි.
මිගමුවෙන් සරත් ගුණරත්න ඡන්දය ඉල්ලිමට පැමිණිම යනු පසුගියදා අල්ලිලාල් විදුහලේ සංවත්සයරය අදාලව අප පලකළ පුවතට අදාලව ඇතැමෙක් සරත් ගුණරත්න කියන්නේ කව්ද එයා මිගමුවේ පොහොට්ටුවේ සංවිධායක නෙමෙයි යනුවෙන් කි අයටද බරපතල කණේ පහරකි.