සරත් ගුණරත්න මීගමුවේදි පොහොට්ටුව සමඟ තනිවෙයිද ?

0
58

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ධිවර නියෝජ්‍ය ඇමති සහ මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායක සරත් ගුණරත්න මහතා ඇප ලබා පැමිණ මාධ්‍යවේදින් හමුවේ කියා  තිබුනේ මහින්ද රාජපක්ෂ බලවේගයේ සියළු දෙනා පොහොට්ටුව වටා එක්රැස්විමට නියමිත බවය.
එහෙත් මීගමුව දේශපාලන භුමියේ තත්වය ඊට හාත්පසින්ම වෙනස් යැයි මීපුර අමතා අදහස් දක්වා සිටි මීගමුවේ ජේෂ්ඨ ශ්‍රිලනිප ක්‍රියාකාරිකයෙකු කියා සිටියේ  පොහොට්ටුව වෙනුෙවන් තමන් දශක ගණනාවක් සිටි ශ්‍රිලනිපය අතහරින්නට මීගමුවේ බොහොමයක් දෙනා අකැමති බවය.
එමෙන්ම හිටුප ජනාධිපතිවරයා පොහොට්ටුවේ නායකත්වය නොගෙන වෙනත් අය මගින් පළාත් පාලන නියෝජිතයන් බිල්ලට දෙන්නට යන්නේ නම් ඒ සදහා බහුතරයක් දෙනා අකමැති බවද අවධාරණය කර සිටියේය.
එමෙන්ම පසුගිය දිනක ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ පැවැති රැස්විම සදහා මීගමුව නියෝජනය කරමින් ගොස් තිබුනේ හිටපු නාගරික මන්ත්‍රිවරුන්ගෙන් සුළු පිරිසකි.
මහින්ද රාජපක්ෂ බලවේගයේ ගම්පම දිස්ත්‍රික් දැවැන්තයෙක් වු ප්‍රසන්න රණතුංග පවා ශ්‍රිලනිපය අතහැර යන්නට සුදානමක් නැතැයි තමන්ට හිතෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.