සරත් ගුණරත්න මීගමුවේ ජනතාවගෙන් සමාව ගත යුතුයි-මීගමුව එජාප සංවිධායක කියයි.

0
91

රොයිස් 100මීගමුව ජනතාවගෙන් හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න සමාව ගත යුතු යැයි මීගමුව එජාප ආසන  සංවිධායක රොයිස් විජිත කියා සිටියි.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ මීපුර වෙබ් අඩවිය වෙත විශේෂ ප්‍රකාශක් ලබා දෙමිනි.
මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිධුරයට දායන් ලංසා මහතා පත්කිරිම නිමිත්තෙන් පැවැති උත්සවයේදි මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායක සරත් ගුණරත්න මහතා විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
පසුගියදිනක පැවැති උත්සවයේදි සරත් ගුණරත්න මහතා කියා තිබුනේ දායන් ලංසා දක්ෂ සංවිධායකයෙකු බවත් ඔහුට නගරාධිපතිධුරය ලබාදීමට එදා තමන් විරුද්ධවිම තමන් අතින් සිදුවු වැරැද්දක් බවය.
මේ ප්‍රකාශය ගැන අදහස් දක්වමින් රොයිස් විජිත මහතා කියා සිටියේ මීගමුවේ දේපල කොල්ල කෑ නගරයේ ගොඩ් ෆාදර්ලාගේ පුත්තුන්ට මේ නගරය භාරදෙන්නද මේ හදන්නේ ??ඒවා ගැන කතා කරමින් ජනමාධ්‍ය ඔස්සේ රටටම හෙළිකරන ලද සරත් ගුණරත්න මහතා දැන් කථාකරන්නේ කටින්ද නැතිනම් වෙනතැනකින්දැයි අසන්නට සිදුවන බවය.සරත් ගුණරත්නට නගරාධිපති ඇන්ටනි ජයවිර එක්ක පුද්ගලික ප්‍රශ්ණ තියෙනවා නම් ඒවා පුද්ගලිකව බේරගන්න .නමුත් මීගමුවේ දේපල කොල්ල එවුන්ට මේ නගරය බාර දෙන්න අපි ඉඩ දෙන්නේ නෑ….අපි දිවිහිමියෙන් මීගමුවේ යහපාලනය රකිනවා…