සරත් ගුණරත්න මුහුණ දෙන අභියෝගය.????

0
50

සරත් ගුණරත්න ඇමැතිවරයා සහ නිමල් ලංසා අතර මතුව ඇති දේශපාලන බලඅරගලය කළමණාකරණය කරගන්නට සරත් ගුණරත්න ඇමැතිවරයා විසින් සැලසුම් කරතිබුන එක් ප්‍රබල තුරුම්පුවක් මේ වන විට නිකම් අහෝසිව ගොස් ඇත්තේ මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත මහතා එඡාප ලයිස්තුවෙන් තරග කිරිමට ගත් තිරණයත් සමගින්ය.

ආණ්ඩු පක්ෂයෙන් තරග කරන්නේ නම් නගාරධිපතිධුරය පිරිනැමිමට පක්ෂය සුදානම් යන අදහස මෙහි ලංසුව ලෙසින් තින්දුවි තිබුන බව තතු දන්නෝ පවසති. මේ අනුව රොයිස් විජිත මහතා ආණ්ඩුවේ පැත්තට ගැනිම වෙනුවෙන් පක්ෂයේ ප්‍රබල චරිත කිපයක් විසින් මෙහෙයුමක් දියත් කර තිබුණි.නාමල් රාජපක්ෂ පවා මේ අතර විය.

මීගමුවේ සියළු දෙනාම දන්නා පරිදි අද එහි සම්පත් පාලනයේ  අයිතිකරුවන් බවට පත්වෙමින් සිටින්නේ නිමල් ලංසා ප්‍රමුඛ සිය ඥාති පරපුර සහ ඔහුගේ ලගම හිතවතුන්ය.නිදසුනක් ලෙසින් ගතහොත් මිගමුවේ වෙරළ උද්‍යානය මෙන්ම මීගමුව කොටුව පිට්ටනිය ලෙල්ලම පාලනය කිරිම සිදුවන්නේ නිමල් ලංසා ඇමැති වරයාගේ පියා විසිනි.එපමණක් නොව මිගමුව තුල පසුගිය කාලය තුල සිදුකෙරුණ සියළු සංවර්ධන කාර්යයන් හිදි ඒ සියල්ල තින්දු කිරිමේ සහ ඉන් ඇති තරම් හම්බකිරිම වාසනාව ලැබි තිබුනේද නිමල් ලංසා පිළටය.ලක්ෂ 2500 කට ආසන්න වු මීගමුව නව බස්නැවතුම ව්‍යාපෘතියේ අනුමත  කොන්ත්‍රාත්කරුවන් සිටියදි එවැන්නක් කරන්නට සුදුසුකම් නැති කොන්ත්‍රාත්කරුවන් වෙත පැවරිම හා ඉන් ලැබු අති විශාල ධන්ස්කන්දයට හිමිකරුවන් වුයේද මේ අයමය.

මේ සියල්ලටත් වඩා මීගමුව සංවිධායක සරත් ගුණරත්නට වඩා දේශපාලනය පොරපිටියේ දැවැන්ත ජනප්‍රියභාවයක් ලබන්නට නිමල් ලංසා ඇමතිවරයාට හැකිවිමත් හේතුකොටගෙන මේ බල අරගලය වඩාත් තිරණාත්මක විය.මේ සියල්ල එලෙසන්ම පසුබිමේ තිබියදි දැන් මීගමු මහනගර සභා ඡන්දය පැමිණ තිබෙන අතර මොන ප්‍රශ්ණ තිබුනත් නිමල් ලංසා ඇමැතිවරයා සිය සහෝදරයාට නාමයෝජනා ලබාගන්නට තරම් වාසනාවන්ත විය.

මේ අනුව මීගමුවේ සම්පත් පාලනයේ සහ ඇති පදමට හම්බකිරිමේ අයිතිය වෙනුවෙන් අත දිගහැර සල්ලි වියදම් කර කෙසේ හෝ පාලන බලය ලබාගැනිමට ලංසා පිළ කටයුතු කරනු ඇත.

එමෙන්ම දායන් ලංසා සම්න්ධයෙන් දැනටමත් මීගමුවේ බුද්ධිමත් ජනයා සහ විශේෂයෙන්ම කතෝලික පල්ලියේ ඇති නොසතුටේ වාසිය තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කළමණාකරණය කරගන්නට තරම් එකමුතුබාවයක් එජාප කණ්ඩායම තුල ඇතැයි සැකසහිතය.

ආසන සංවිධායක ලෙසින් මීගමුව කෙසේ හෝ දිනාගැනිමේ වගකිම සරත් ගුණරත්න ඇමැතිවරයාට අත්හල නොහැකි වගකිමක් වුවද එහි වාසිය යළිත් නිමල් ලංසා පිළට මීගමුව භාරදිමක් නිසා එය කෙසේවත් දරන්නට පුලුවන් කමක් තිබිය නොහැකිය.මේ අනුව ඉදිරියේ සිදුවිය හැක්කේ කුමක්ද..?