සරත් පිළේ ඉල්ලිම ප්‍රතික්ෂේප වෙයි. රොයිස් එඡාපෙන් නාමයෝජනා අත්සන් කරයි.

0
67

මීගමුවේ දේශාපලන සංවාදය තුල පැවැති එක් ප්‍රශ්නයක් ඊයේ රාත්‍රියේදි නිමාවිය.ඒ මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත මහතා එජාප ලයිස්තුවෙන් මීගමුවට තරග කිරිම සදහා අත්සන් කිරිමත් සමගය.

ආණ්ඩු පක්ෂයේ මීගමු සංවිධායක අමාත්‍ය සරත් ගුණරත්ත මහතා හා බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසා අතර පවතින බල අරගලය තුල ලංසා පිළ ඉදිරි මැතිවරණයෙන් පරාජය කිරිම අරමුණුකොටගෙන සරත් ගුණරත්න දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කලේය. ඒ රොයිස් විජිත මහතා ආණ්ඩු පක්ෂයේ ලයිස්තුවෙන් තරග කරවිම  සහ නරාධිපතිධුරය ඔහු වෙත පිරිනැමිමය.

ලංසා පිළ විසින් ඇන්ටන් ජයවිර මන්ත්‍රිවරයාගේ පොස්ටරයක් දැනට සතියකට පමණ පෙර එළිදක්වා තිබුනද නිමල් ලංසා ඇමැතිවරයාගේ සැගවුන න්‍යාය පත්‍රය වි තිබෙන්නේ සිය සෙහොයුරු දයාන් ලංසා මීගමුවේ මීළග නගරාධිපති කරවිමය.මේ අනුව ඉදිරි මැතිවරණයේදි  ලංසා පිළ සහ සරත් පිළ අතර ඇතිවිමට නියමිත ගැටුම ආණ්ඩු පක්ෂයට කෙසේ නම් බලපායිද. එහි වාසිය එජායට ලැබෙයිද.

දයාන් ලංසා සහ ඔහුගේ පවුලේ අයගේ ඇතම්  විනය විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් මීගමුව තුල පවතින විරෝධය හමුවේ මීගමුවේ කතෝලික පල්ලියද ආණ්ඩු පක්ෂයේ මේ තෝරාගැනිම ගැන සිය නොසතුට දැනටමත් පළකරඇතැයි වාර්ථා වේ.