සරත් ලංසා ගැටුම අද සිට එළිපිට…..

0
55

නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න සහ පළාත් සභා ඇමති නිමල් ලංසා අතර වු නිරන්තර  සටන පසුගිය සති කිපය පුරා නැවත වටයකින් කරළියට පැමිණ තිබුනේ ඇමති  නිමල් ලංසා ඉලක්ක කර ගනිමින් ලංකාදිප පුවත් පතේ පළව තිබුන ලිපි පෙළත් ඊට ඇමති සරත් ගුණරත්නගේ සම්බන්ධයත් හේතුවෙනි.
දැනට ජර්මනියේ සංචාරයක නිරතව සිටින පළාත් සභා ඇමති නිමල් ලංසා අද දිවයින පැමිණිමට නියමිත බැව් වාර්ථා වන අතර ඔහු තම සමිපතයන් පිරිසක් වෙත දන්වා ඇත්තේ තමන් ද ඇමති සරත් ගුණරත්නගේ සියළු මගඩි හෙළිකිරිමට අද පටන් කටයුතු කරන බවය.
මේ අතර නිමල් ලංසා ඇමතිවරයාගේ පියා තම පුතු ගැන සරත් ගුණරත්න ඇමති වරයා විසින් කර තිබෙන විවේචන ගැන තදින්ම කිපි ඇතැයිද සැලය.
කෙසේ වෙතත් දෙපාර්ශවයේ සමිපතයන්ගේ කරුණු වලට අනුව මේ ගැටුම දැන් දුරදිග යාමට නියමිත ව තිබේ.lnsa