සවස් වන විට මගියෝ බලු වන කොන්දොස්තරලා රජවන ‘907’

0
110

Is-kumara-welgama-mentally-ill-www.thegossiplanka.com-The-Gossip-Lankaදිනපතාම මීගමුව බස්නැවතුම් පොළේ ‘ මීගමුව – හලාවත‘ 907 පුවරුව අසල ඇති බස් පෝලිම අසලට එන මගියන් අන්ත අසරණ වන්නේ සවස 6 පමණ වන විටය. 907 බෝඩ් ගසා සිටින
පුද්ගලික බස් රථ කිසිවක් 06 න් පසු හලාවතට යන්නේ නැත. ඔවුන් අපට පවසන්නේ ‘ ඇයි 6න් පස්සේ  බස්නැවතුම් පළට එන්නේ නෝනලා යන්ඩ කෙලින්ම තේල්වත්ත හන්දියට‘ කියායි. එතනින් කොළඹ ඉදන් එන හලාවත බස් එකක යන්ඩ. මේ කොන්දොස්තර කියන තරම් එය ද ලේසි නැත. බසයක හෝ ත්‍රීවිලයක තෙල්වත්ත හන්දියට ගියත් හලාවත -කොළඹ පාරේ එන බසයක නම් ඒ වෙලාවටනැග ගන්නවා බොරුය. යනවා නම් ඉතින් අච්චාරු දැමුවාසේ යා යුතුය.
මෙතන සිටින කොන්දොස්තර බට්ටලා රජවන්නේ හවස් වන විටය. උ‍දේ සිට මගීන් පොල් පටවනවාටත් අන්ත ලෙස මගීන්  පටවාගෙන එන මොවුන්ට සවස 06 වනවිට මගීන්ගේ අවශ්‍යතාවයෙන් වැඩක් නැත. වෙන්නප්පුවට පමණක් යන බහුතරයක් අඩුම දුර මාදම්පේ හෝ මාරවිලට ගමන් කරයි. අඩුම ගණනේ 7-8 වනතුරුවත් මගීන්ට සාදාරණයක් ඉටුකරන්නට ගමන් වාර කීපයක් මාරුවෙන් මාරුවට හෝ යු යුතුය. මේවා දැඩි ජනතා විරෝධී ක්‍රියාවන් වන අතර ඒ මදිවාට මෙම බස් රියදුරන්ටවත් කොන්දොස්තරලාටවත් ඒ ගැන කිසිදු ලැජ්ජාවක් ද නැත. ‘‘ඒ මදිවාට පෝලිමේ සිටින මගී කාන්තාවන්ට උපදෙස් දෙමින් අහවල් තැනට ගියොත් යන්ඩ පුලුවන්, බොරුවට බලන් ඉන්ඩ එපා අපි ගියාට පස්සේ ආයේ බස් එන්නේ නෑ.‘‘කියමින් කයිවාරුද ගසයි.
මේවා අසනවිට අපට අපේ පුකට පාරක් ගසාගෙන දිව හපාගැනීමට සිතෙයි. ඒ මගීන් මෙසේ නිවටුන් ලෙසට පත්වී ඇත්තේ අපේම වැරදි නිසා බව මතක්වීමෙනි. මගී ජනයාද කිසිදු සද්දයක් බද්දයක් නැත.  අපූරුවට කොන්දොස්තරගේ මාර්ගඋපදේශනය පරිදි මී හරකුන් සේ ආපසු හැරී යති. කෙසේ වෙතත් අපේ රට නම් මරු රටකි. කවදා මේ අපායෙන් ගොඩවෙමුද?
වරායවල් ඇත- නැව් නැත
ගුවන්තොටුපළවල් ඇති – යානා නැත
නූතන බස් නැවතුම් සංකීර්ණ ඇත- 06න්පසු බස් නැත

මේක තමයි ඇත්තටම ආශ්චර්්‍ය කියලා  කියන්නේ? ආයේ ඉතින් තවත් ආශ්චර්යයක් තියේවිද ??
හැබැයි මම හිතන්නේ මේවා අපේ ප්‍රවාහන ඇමතිතුමා දන්නේත් නැතිව ඇති. එතුමාට මේක කවුරුවක් කියන්ඩත් නැතිව ඇති. නැත්නම් මේක මෙහෙම වෙන්ඩ විදිහකුත් නෑ.

ජසින්තා නිර්මලී